අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් සංවිධානය කරනු ලැබූ 2024 “අත්තනගල්ල සාහිත්‍යය කලා උලෙළ” නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන භික්ෂු විද්‍යාපීඨයේ කථිකාචාර්ය මිහිර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉකුත් 11 දා පැවැත්විණි.
කලාකරුවකුට සිය ජීවිතයේ එක්වරක් පමණක් හිමි කරගත හැකි “අත්තනගලු කලා විභූෂණ සම්මානය” ප්‍රවීණ ලේඛිකාවක වන නිට්ටඹුව රන්පොකුණගම කාන්ති ගුණතිලක මහත්මියට පිරිනැමූ අතර, “අත්තනගලු සාහිත්‍ය රංජන සම්මාන” දෙකක් ප්‍රවීණ ලේඛිකාවක් වන රන්පොකුණගම ජයන්ති අනුත්තරා සහ අත්තනගල්ල හුණුපොල පද්මිණි සෝමලතා අලගියවන්න යන මහත්මීන්ට ප්රදානය කළහ.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ප්‍රියංකර ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනියන් වන චන්ද්‍රාණි කණ්ඩම්බි, අකිලා විමංසි, සංස්කෘතික සංවර්ධන සහකාර චාන්දනී වර්ෂකෝන් යන මහත්මීන් විසින් අත්තනගල්ල ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලයේ නිලධාරින්ගේද සහයෝගය මත මෙම සාහිත්‍ය කලා උලෙළ සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අත්තනගල්ල ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ අනුශාසක කලෝටුවාවේ පඤ්ඤාසාර හිමිපාණන්ද අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (සැලසුම්) ලංකා වෙදගෙදර, පරිපාලන නිලධාරිනී රේණුකා වරුසප්පෙරුම, අත්තනගල්ල සමෘද්ධි මහා සංගමයේ කළමනාකාර අධ්‍යක්ෂිකා පී.ජී. අභයමැණිකේ, එහි කළමනාකරු ලසන්ත සෙනෙවිරත්න, අත්තනගල්ල සංස්කෘතික බලමණ්ඩලයේ සභාපති දයා වයමන්, ලේකම් ගාමිණී සිල්වා, එහි හිටපු සභාපති කලාකීර්ති ආර්.ඒ. පුංචිහේවා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අත්තනගල්ල සමූහ – උපාලි විජිත කුමාර