Home » බස් සහ කෝච්චිවල ලැප්ටොප් සහ ජංගම දුරකතන සොරකම් කළ අයෙක් කොටු

බස් සහ කෝච්චිවල ලැප්ටොප් සහ ජංගම දුරකතන සොරකම් කළ අයෙක් කොටු

by sachintha
October 15, 2024 2:38 am 0 comment

කොළඹ සිට අලුත්ගම, කළුතර සහ පාණදුර සිට රත්නපුර දක්වා ගමන් ගන්නා බස් රථවල මෙන්ම මුහුදුබඩ මාර්ගයේ ගමන් ගන්නා දුම්රියන්වල මගීන්ගේ ලැප්ටොප් සහිත බෑග් සහ ජංගම දුරකතන සොරකම් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති තිලංග සංජීව මහතාට ලද තොරතුරක් මත විශේෂ පොලිස්‌ කණ්ඩායමක් කළ වැටලීමකදී කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හොරණ හල්තොට ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් අධික ලෙස මගීන් ගමන් ගන්නා බස් රථවල සහ දුම්රියන්වලට සාමාන්‍ය මගියෙකු සේ ඇතුළු වී සූක්ෂ්ම ලෙස ලැප්ටොප් සහ ජංගම දුරකතන සොරකම් කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය කියයි.

සොරකම් කළ ඉතා වටිනා ලැප්ටොප් යන්ත්‍ර 7ක් සහ ජංගම දුරකතන 5ක් විවිධ ස්ථානවලට අඩු මුදලට අලෙවි කර තිබියදී සොයාගෙන ඇත.

අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන, සහකාර පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත සහ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන්වරුන් වන සමන්තිලක (41104), ප්‍රසන්න (69479), කොස්තාපල් තුෂාර (79435) සහ පො.කො.රි. වෙදගේ (80174) වැටලීමට එක්වූහ.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක සහ හල්තොට – විනීතා මානෙල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT