Home » ළමයින් ඉලක්ක කරමින් මත්කරල් විකිණූ දෙදෙනෙක් බඩුත් සමඟ කොටුවෙති

ළමයින් ඉලක්ක කරමින් මත්කරල් විකිණූ දෙදෙනෙක් බඩුත් සමඟ කොටුවෙති

by sachintha
October 16, 2024 1:25 am 0 comment

ළමුන් ඉලක්ක කරමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000ක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර සහ හැටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය පවසයි. පානදුර සහ ඒ අවට ළමුන් ඉලක්ක කරමින් මත්කරල් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පළමු සැකකරු මත්කරල් 100ක් සමඟ අත්අඩංගුවට ගෙන ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත දෙවන සැකකරු මත්කරල් දස දහසක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු නි‍ෙවසක සඟවා තිබූ ඉතිරි මත්කරල් තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. මත්කරල් 10ක් අඩංගු පැකට්ටුවක් රුපියල් 1500ක මුදලකට අලෙවි කර ඇති බවට සැකකරුවන්ගේ ප්‍රකාශවලින් හෙළිව ඇති බවද පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් පැවැසීය. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක, කළුතර මධ්‍යම සමූහ,

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා, ඌරගස්මංහංදිය අයි. ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT