Home » කිතුල්උතුව රක්ෂිතයේ අතුරුදන් වූ පුද්ගලයා සොයා තුන්වන දිනටත් මෙහෙයුම්

කිතුල්උතුව රක්ෂිතයේ අතුරුදන් වූ පුද්ගලයා සොයා තුන්වන දිනටත් මෙහෙයුම්

by sachintha
October 16, 2024 1:25 am 0 comment

දර සොයා කිතුල්උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා ඊයේ (15) තුන්වන දිනටත් දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව අග්බෝපුර පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ අග්බෝපුර, කිතුල්උතුව පදිංචි 58 හැවිරිදි හේවා හෙට්ටිගේ දයාසිරි නමැති තිදරු පියකි. ඉකුත් 13 වැනිදා අතුරුදන් වූ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඔහුගේ බිරිය වන මූණමල්පේ ගමගේ දයාවති නමැති අය අග්බෝපුර පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම මෙහෙයුම දියත් කරනු ලැබ තිබේ. අතුරුදන් වූ අය සොයා පොලිස් නිල සුනඛයන් යොදා ගත්තද නිල සුනඛයන් නිවස වටා ගොස් නවතින බැවින් සොයා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අග්බෝපුර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ඒකනායක මහතාගේ මෙහෙයවීම යටතේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටී.එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT