Home » වැල්ලවාය ප්‍රාදේශීය නායකයෝ රැසක් මෙවර මහමැතිවරණ සටනේ

වැල්ලවාය ප්‍රාදේශීය නායකයෝ රැසක් මෙවර මහමැතිවරණ සටනේ

by sachintha
October 16, 2024 1:35 am 0 comment

පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් මෙවර වැල්ලවාය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු සභාපතිවරු විපක්ෂ නායකවරු හා මන්ත්‍රීවරු රැසක් ඉදිරිපත් වී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ හිටපු සභාපතිවරයකු වන ජගත් හේමන්ත එම පක්ෂයෙන්ද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ හිටපු සභාපතිවරයකු වන රෝහණ වන්නිආරච්චි සමගි ජන බලවේගයෙන්ද, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ විපක්ෂ නායක වන නිලන්ත අභය බණ්ඩාර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රෝයි කාලින්ද සමගි ජන බලවේගයෙන්ද, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ඩබ්ලිව්.

නිහාල් ජාතික ජන බලවේගයෙන් ද ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ යූ. එස්. පී. බණ්ඩාර ස්වාධීන කණ්ඩායමකින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතර වේ.

මේ සියලු අපේක්ෂකයන් වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ පදිංචිකරුවන් වන අතර මෙවර මැතිවරණයේදී ජනතාවගේ මනාපය ලබාගැනීමට ඔවුන් අතර දැඩි තරගයක් ඇති වී තිබේ.

වැල්ලවාය විශේෂ – ජී. අයි. ආර්. ගරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT