Home » ලංකා සීනි සමාගමේ නව සභාපති රුක්ෂාන් ගුණතිලක

ලංකා සීනි සමාගමේ නව සභාපති රුක්ෂාන් ගුණතිලක

by sachintha
October 16, 2024 1:47 am 0 comment

මුදල්, ආර්ථික, සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයට අයත් ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රුක්ෂාන් ගුණතිලක මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා විසින් පත්කර ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා බ්‍රිතාන්‍ය අමෙරිකානු දුම්කොළ (BAT) ජාලය තුළ ක්‍රියාත්මක වන වෙළෙඳපොළ රාශියක වසර විස්සකට වැඩි පළපුරුද්දක් ඇති අයෙකි. නෙස්ලේ ලංකා ආයතනයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා පසුව හිඟුරාන සීනි සහ තලවාකැලේ වැවිලි සමාගමේ කළමනාකරණ පුහුණුකරුවකු ලෙස සේවය කළේය.

ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයෙන් කෘෂිකර්ම, ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කෘෂිකර්ම ව්‍යාප්තිය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. විදේශගත වීමට පෙර ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ පීඨ මණ්ඩල සාමාජිකයකු ලෙස ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේ බාහිර පරීක්ෂකවරයකු ලෙස ද කටයුතු කර තිබේ.

2008-2011 දක්වා සිය රටේ ග්‍රාමීය ප්‍රදේශවල සිදු කරන ලද සමාජ සත්කාර කටයුතු අගයමින් 2011දී උස්බෙකිස්තාන ජනාධිපතිවරයා විසින් රටේ නිදහස් දිනයේදී රුක්ෂාන් මහතාට ජනාධිපති සම්මානය ද පිරිනමන ලදි.

ඩී. එස්. ගුණතිලක

ඌව වෙල්ලස්ස විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT