බළන්ගොඩ, ඇල්ලේඅරාව “දිසිර” පෙර පාසලේ දරු දැරියන් සහ මවුපියන් අගමැති නිල නිෙවස වන ‘අරලියගහ මන්දිරය’ නැරඹීමට පසුගිය 13 වැනි දින පැමිණියහ. දරු දැරියන් හා මවුපියන් සාදරයෙන් පිළිගත් අරලියගහ මැදුරේ කාර්ය මණ්ඩලය එහි අතීතය හා වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කළේය. වසර 200කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම මන්දිරය 1856 වර්ෂයේ ජෝන් ෆිලිප් ග්‍රීන් විසින් සුවඳවත් මලින් යුත් අරලිය ගස් පිරී ගිය උද්‍යානයක් ලෙස අලංකරණය කර ‘අරලියගහ මන්දිරය’ ලෙස නම් කර ඇත. මන්දිරය නැරඹීමට පැමිණි දරු දැරියන්ට සංචාරය සිහිගැන්වීම සඳහා පෙර පාසල් භූමියේ රෝපණය කිරීමට ඖෂධීය බුළු ශාකයක් අගමැති මාධ්‍ය අංශයේ නිලන්ත අදිකාරි මහතා විසින් පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය අයෝමි කුමාරසිංහ මහත්මිය ඇතුළු දරු දැරියන් හට පිරිනැමීය.
බළන්ගොඩ, ඇල්ලේඅරාව “දිසිර” පෙර පාසලේ දරු දැරියන් ‘අරලියගහ මන්දිරයේ’ සිරි නරඹයි
by sachintha
October 16, 2024 1:28 am
0 comment
57
කලින් පුවත
සීලය බිඳෙන්නේ ලෝභ-ද්වේෂ මෝහ නිසයි
මීලඟ පුවත