Friday, May 9, 2025
Home » ජම්පරේ ඇඳගෙන ඇලෝසියස් කල්දේරම් බත් කයි

ජම්පරේ ඇඳගෙන ඇලෝසියස් කල්දේරම් බත් කයි

by sachintha
October 16, 2024 12:21 am 0 comment

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් සය මසක සිරදඬුවමක් නියම කළ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත වැඩ අංශයේ මැහුම් පාටියට එක්කර තිබේ. සාමාන්‍ය රැඳවූවන් සිටින සිරමැදිරියක් වන ඒ-2 සිරමැදිරියේ රඳවා ඇති ඔහු, ඊයේ (15) සිරකරුවන්ට සුපුරුදු ජම්පරය ඇඳ සිරගෙදර ‘කල්දේරම් බතෙහි’ රස විඳි බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. බදු මුදල් නොගෙවා පැහැර හැරීම යන චෝදනාව යටතේ අධිකරණය මඟින් සය මසක සිරදඬුවමක් නියම කළ අනෙක් පුද්ගලයා වූ ඒ.ආර්. දිනේන්ද්‍ර සාමාන්‍ය සිරකරුවන් සිටින සිරමැදිරියක් වන බී-2 හි රඳවා සිටින අතර ඔහු වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත වැඩ අංශයේ වඩු අංශ වැඩ කණ්ඩායමට එක් කර තිබේ. ඔවුන් දෙදෙනාට පවුලේ ඥාතීන් හමුවීමට අවස්ථාව හිමිවන්නේ මසකට එක් වරක් පමණකි. පසුගියදා (14) සවස 6.00ට පමණ කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ මෙම සිරකරුවන් දෙදෙනා, තාවකාලිකව නවක සිරකරුවන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ අයි-2 වාට්ටුවේ රඳවා තිබූ අතර ඊයේ (15) බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමු කර තිබිණි.

මේ පිළිබඳ ‘දිනමිණ’ කළ විමසුමකදී බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවැසුවේ එම රැඳවූවන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව බන්ධනාගාර වෛද්‍යවරයා සටහන් කර ඇති බවයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT