57
සබරගමු පළාත් පාසල් ජවන හා පිටිය මලල ක්‍රීඩා උලෙළේදී අවුරුදු 16න් පහළ වයස් කාණ්ඩයෙන් තරග වදිමින් මීටර් 800 ඉසව්වේදී නව තරග වාර්තාවක් පිහිටුවීමට රත්නපුර සාන්ත ඇලෝසියස් ජාතික පාසලේ ජී.ඩබ්ලිව්. ළහිරු අසින්ත සමත් විය.
කෑගල්ල ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවති තරගාවලියේදී මිනිත්තු 2.19කින් තරගය නිමා කළ ළහිරු බිඳ දැම්මේ ඔහු විසින්ම පසුගිය වසරේ තබා තිබූ වාර්තාවයි. ළහිරු අසින්තගේ ක්‍රීඩා උපදේශක ලෙස සමන්ති දයානන්ද මහත්මිය කටයුතු කරයි.
රත්නපුර විශේෂ එන්.පී. රාජදොර් රත්නපුර