Thursday, May 8, 2025
Home » මුල්ලි­ව­යි­ක්කාල් ගෙව­ත්තක සී4 පුපු­රන ද්‍රව්‍ය වළ­දාලා

මුල්ලි­ව­යි­ක්කාල් ගෙව­ත්තක සී4 පුපු­රන ද්‍රව්‍ය වළ­දාලා

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

මුල­තිව්, මුල්ලි­ව­යි­ක්කාල් ප්‍රදේ­ශයේ නිවෙ­සක් අසල වළ­දමා තිබූ සී.4 වර්ගයේ පුපු­රන ද්‍රව්‍ය සමඟ සැක­ක­රු­වකු මුල­තිව් පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් පෙරේදා (15) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශ නිල­ධා­රී­න්ගෙන් ලද තොර­තු­රක් අනුව මුල­තිව් පොලිස් ස්ථානයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් මුල්ලි­ව­යි­ක්කාල් බට­හිර ප්‍රදේ­ශයේ කළ පරී­ක්ෂා­ව­කින් අන­තු­රුව නිවෙ­සක් අසල වළ­දමා තිබූ සී4 වර්ගයේ පුපු­රන ද්‍රව්‍ය ග්‍රෑම් 139යි මිලි ග්‍රෑම් 510ක් සමග එම නිවෙස් හිමියා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ රැකි­යාව ලෙස කුලී වැඩෙහි යෙදෙන වයස අවු­රදු 27ක් වන අයකු බව පොලී­සිය පව­සයි. සැක­කරු ඊයේ (16) අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි. මුල­තිව් පොලිස් ස්ථානය සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT