Thursday, May 8, 2025
Home » මූල්‍ය අප­රාධ සිද්ධි­යට අත්අ­ඩං­ගු­වට ගත් විදේ­ශි­කයෝ 130 යළි රිමාන්ඩ්

මූල්‍ය අප­රාධ සිද්ධි­යට අත්අ­ඩං­ගු­වට ගත් විදේ­ශි­කයෝ 130 යළි රිමාන්ඩ්

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ චීන, වියට්නාම, පිලිපීන හා තායි ජාතිකයන් 130 දෙනා ඔක්තෝබර් මස 23 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තෙල්දෙණිය මහේස්ත්‍රාත් දේවිකා ජයවර්ධන මහත්මිය ඊයේ (16) නියෝග කළාය.

සැකකරුවන් පසුගිය 12 දින කුණ්ඩසාලේ හෝටලයකදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් සතුව තිබූ ලැප්ටොප් පරිගණක 120ක්, ජංගම දුරකතන 300ක් හා රවුටර් 50ක් ඇතුළු පරිගණක උපකරණ තොගයක් ද සමඟිනි.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, අමිත් පෙරේරා, චමල් ද අල්විස්, තාරුක හීන්කෙන්ද, සංඛ අමරජිත් හා ලක්ෂාන් උඩුගම යන මහත්වරු පෙනී සිටියහ.

විදේස් ජාතික සැකකරුවන් 130 දෙනා අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවන් සිදුකළ බවට හෝ වෙනත් සාධාරණ අපරාධයක් සිදුකළ බවට පැමිණිල්ලක් හෝ අනාවරණයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු හෝ පැමිණිලි කර නොමැති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT