Home » තෝනි­කල් කෝවි­ලකට ගිනි තබා දේවා­භ­රණ සොර­කම් කරලා

තෝනි­කල් කෝවි­ලකට ගිනි තබා දේවා­භ­රණ සොර­කම් කරලා

by Gayan Abeykoon
October 17, 2024 1:04 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

වවු­නි­යාවේ, තෝනි­කල් ප්‍රදේ­ශයේ පිහිටි නාග­පූ­ෂණී අම්මාන් කෝවිලේ දේව ප්‍රති­මාවේ ආහ­රණ හා කෝවිල සතුව තිබූ රුපි­යල් ලක්ෂ දහ­ය­කට වඩා වැඩි වටි­නා­ක­මක් ඇති දේවා­භ­රණ පෙරේදා (15) සොරා­ගෙන ගොස් ඇත.

කෝවිලේ දොරට ගිනි තබා දොර විවෘත කර­ගෙන කෝවිලේ ප්‍රති­මා­ගෘ­හ­යට කඩා වැදී මෙම සොර­කම  කර තිබේ.

කෝවි­ලට පැමිණි කාන්තා­වක් කෝවිල ඇතු­ළ­තින් දුමක් යනු දැක වහාම ඒ පිළි­බ­ඳව කෝවිලේ පූසා­රි­ව­රයා  දැනු­ම්වත් කොට ඇත.

ඔහු පැමිණ බලන විට දේවා­භ­රණ සොර­කම් කර ඇති බව වැටහී යාමෙන් පසුව පූසා­රි­ව­රයා මේ සම්බ­න්ධ­යෙන් වවු­නි­යාව පොලි­සි­යට පැමි­ණිලි කොට තිබේ.

වවු­නි­යාව පොලි­සියේ නිල­ධා­රීන් පිරි­සක් පැමිණ කෝවිල තුළට සාමාන්‍ය ජන­තා­වට ඇතුළු වීමට ඉඩ නොතබා ඇඟිලි සල­කුණු ලබා ගනි­මින් විම­ර්ශන ආරම්භ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT