වවුනියාවේ, තෝනිකල් ප්‍රදේශයේ පිහිටි නාගපූෂණී අම්මාන් කෝවිලේ දේව ප්‍රතිමාවේ ආහරණ හා කෝවිල සතුව තිබූ රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි වටිනාකමක් ඇති දේවාභරණ පෙරේදා (15) සොරාගෙන ගොස් ඇත.
කෝවිලේ දොරට ගිනි තබා දොර විවෘත කරගෙන කෝවිලේ ප්රතිමාගෘහයට කඩා වැදී මෙම සොරකම කර තිබේ.
කෝවිලට පැමිණි කාන්තාවක් කෝවිල ඇතුළතින් දුමක් යනු දැක වහාම ඒ පිළිබඳව කෝවිලේ පූසාරිවරයා දැනුම්වත් කොට ඇත.
ඔහු පැමිණ බලන විට දේවාභරණ සොරකම් කර ඇති බව වැටහී යාමෙන් පසුව පූසාරිවරයා මේ සම්බන්ධයෙන් වවුනියාව පොලිසියට පැමිණිලි කොට තිබේ.
වවුනියාව පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ කෝවිල තුළට සාමාන්‍ය ජනතාවට ඇතුළු වීමට ඉඩ නොතබා ඇඟිලි සලකුණු ලබා ගනිමින් විමර්ශන ආරම්භ කර ඇත.