Home » සයි­බර් අප­රා­ධ­ක­රු­වන්ගේ නව­තම ඉල­ක්කය මෙන්න

සයි­බර් අප­රා­ධ­ක­රු­වන්ගේ නව­තම ඉල­ක්කය මෙන්න

by Gayan Abeykoon
October 17, 2024 1:25 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබන රැකියා ඇබෑර්තු සඳහා මාර්ග­ගත ක්‍රම­යට ඉල්ලුම් කරන පිරිස් අන්ත­ර්ජාල සයි­බර් අප­රා­ධ­ක­රු­වන්ගේ නව­තම ඉල­ක්කය බවට පත් වී ඇතැයි ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර සංස­දය පව­සයි.

විවිධ ව්‍යාජ රැකියා ඇබෑර්තු පිළි­බඳ තොර­තුරු සඳ­හන් දැන්වීම් කිහි­ප­යක්ම මේ වන විට සමාජ මාධ්‍ය අව­කා­ශ­යන්හි හුව­මාරු වන බවට නිරී­ක්ෂ­ණය වී ඇති බව එම සංස­දයේ ජ්‍යෙෂ්ඨ ඉංජි­නේ­රු­ව­ර­යකු ‘දින­මි­ණට’ ඊයේ (16) පැව­සු­වේය.

ඒ නිසා කිසිදු ලෙස­කින් හෝ එවැනි ව්‍යාජ රැකියා ඇබෑර්තු  පිළි­බඳ තොර­තුරු සඳ­හන් වන සමාජ මාධ්‍ය දැන්වීම් වෙත ප්‍රති­චාර දැක්වී­මෙන් වළ­කින ලෙසත් සෑම අව­ස්ථා­ව­ක­දීම අදාළ ආය­ත­න­යන්හි නිවැ­රැ­දිම වෙබ් අඩ­විය හඳු­නා­ගෙන එහි සඳ­හන් උප­දෙස් අනුව පම­ණක් එම රැකියා සඳහා ඉල්ලුම් කිරීම කළ යුතු බවත් ඒ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

එමෙන්ම සමාජ මාධ්‍ය දැන්වීම් පරි­ශී­ල­න­යේදී නොදන්නා පාර්ශ්ව වෙත තම බැංකු ගිණුම් විස්තර ලබා නොදිය යුතු බවත් OTP අංක හුව­මාරු කර ගැනී­මෙන් වළ­කින ලෙසත් ඉල්ලා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT