Home » ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­රණ හා ඖෂධ වැනි අධි තාක්ෂ­ණික අප­න­යන කෙරෙහි වැඩි අව­ධා­න­යක්

ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­රණ හා ඖෂධ වැනි අධි තාක්ෂ­ණික අප­න­යන කෙරෙහි වැඩි අව­ධා­න­යක්

අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­පති මංගල විජේ­සිංහ

by Gayan Abeykoon
October 17, 2024 1:05 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

සිංග­ප්පූ­රුව සහ දකුණු කොරි­යාව වැනි රට­වල් ආද­ර්ශ­යට ගනි­මින් ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­රණ හා ඖෂධ වැනි අධි තාක්ෂ­ණික කර්මාන්ත සඳහා අප­න­යන විවි­ධාං­ගී­ක­ර­ණය කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කළ­යුතු බව ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ (EDB) නව සභා­පති මංගල විජේ­සිංහ මහතා ප්‍රකාශ කරයි.

මංගල විජේ­සිංහ මහතා ශ්‍රී ලංකා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ 16 වැනි සභා­ප­ති­ව­රයා ලෙස අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ දී ඊයේ (16) වැඩ­භාර ගත් අතර එහිදී අද­හස් දක්ව­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

වැඩ භාර­ගැ­නී­මෙන් අන­තු­රුව නව සභා­ප­ති­ව­රයා අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ කාර්ය මණ්ඩ­ලය අම­ත­මින් මෙසේ පැව­සීය,

“අපි සිංග­ප්පූ­රුව සහ දකුණු කොරි­යාව වැනි රට­වල් ආද­ර්ශ­යට ගනි­මින් ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­රණ සහ ඖෂධ වැනි අධි තාක්ෂ­ණික කර්මාන්ත සඳහා අප­න­යන විවි­ධාං­ගී­ක­ර­ණය කර වැඩි අව­ධා­න­යක් යොමු කළ­යුතු වෙනවා. තවත් වැද­ගත් සාධ­ක­යක් වන සේවා අප­න­ය­නය 2022 ට සාපේ­ක්ෂව ඩොලර් බිලි­යන 3.1 ක ආදා­ය­මක් වාර්තා කර ඇති අතර එය ප්‍රධාන වශ­යෙන් ICT, ප්‍රවා­හ­නය සහ ඉදි­කි­රීම් මඟින් මෙහෙ­ය­ව­නවා. නව රජයේ සැලැස්ම 2030 වන­විට ඩොලර් බිලි­යන 5 ක සේවා අප­න­යන ආදා­ය­මක් ලබා ගැනී­මයි. ඒ වගේම එම ඉල­ක්ක­යට ළඟා­වී­මත් අපේ අර­මු­ණයි.

විශේ­ෂ­යෙන්ම අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ හිටපු සභා­ප­ති­වරු, අධ්‍යක්ෂ මණ්ඩ­ලය සහ කාර්ය මණ්ඩ­ලය විසින් කරන ලද කාර්ය­භාර්ය අගය කිරී­මට ද මම මෙය අව­ස්ථා­වක් කර ගන්නවා. සම­හර විට, 2018 දී ක්‍රියා­ත්මක කරන ලද අපගේ ජාතික අප­න­යන උපා­ය­මා­ර්ගය සමා­ලෝ­ච­නය කිරී­මට අපට අවශ්‍ය විය හැකියි. අපගේ අප­න­ය­න­ක­රු­වන් බහු­විධ ක්‍රියා­කා­ර­කම් ඇතු­ළත් සංකීර්ණ අනු­මත ක්‍රියා­ව­ලීන්ට මුහුණ දී සිටි­නවා. නව රජය සියලු රාජ්‍ය ආය­තන සහ සේවා­වන් ඩිජි­ටල් කිරී­මට සහ අන්තර් සම්බන්ධ කිරී­මට සැල­සුම් කර­නවා. එසේම අප­න­යන අංශයේ වර්ධ­න­යට ඇති සියලු බාධක හඳු­නා­ගෙන ඒවා ඉවත් කර අප­න­ය­න­ක­රු­වන් දිරි­මත් කිරී­මට මාර්ග සෙවිය යුතු වෙනවා.

අපගේ ආදා­යම ඉහළ නංවා ගැනීම සඳහා අපගේ අප­න­යන කූඩයේ නිෂ්පා­දන සංඛ්‍යාව සහ අප­න­ය­න­ක­රු­වන් සංඛ්‍යාව වැඩි­කළ යුතු වෙනවා. ඒ නිසා අපි රජයේ සැලැස්ම සමඟ පෙළ­ගැ­සිය යුතුයි. අප­න­යන ආදා­යම වැඩි කිරීම රජය ද අර­මුණු කර ඇති බැවින් අපට මෙම ඉල­ක්කය සපුරා ගත හැකි යැයි බලා­පො­රොත්තු වෙනවා. අපි ඔවුන්ගේ උත්සා­හ­යට සහාය දිය­යුතු වෙනවා.

දැනට තිබෙන ඒක පුද්ගල අප­න­යන ආදා­යම වැඩි­කර ගැනීම, දැනට 99 වන ස්ථානයේ තිබෙන ව්‍යාපාර පහසු කිරීමේ දර්ශ­ක­යයේ ශ්‍රී ලංකාව තවත් ඉදි­රි­යට පැමි­ණිම සහ 2030 වසරේ දී අ‍ෙම­රි­කන් ඩොලර් බිලි­යන 30 ක අප­න­යන ආදා­ය­මක් ලබා­ගැ­නීම යන මූලික කාරණා තුන පිළි­බද අපි විශේෂ අව­ධා­න­යක් ඉදි­රියේ දී යොමු කළ­යුතු වෙනවා. මම ඔබේ කැප­වීම ගැන විශ්වාස කර­නවා, ශ්‍රී ලංකාව තුළ දියුණු ජාති­යක් ගොඩ­නැ­ගීම සඳහා අපි කණ්ඩා­ය­මක් ලෙස කට­යුතු කළ­යුතු වෙනවා”

අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ වැඩ­භාර ගැනී­මට පෙර විජේ­සිංහ මහතා බ්‍රවුන්ස් සහ සමා­ගමේ ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරි ලෙස කට­යුතු කළේය. ඖෂධ, රසා­ය­නික ද්‍රව්‍ය, පාරි­භෝ­ගික ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­රණ, කාර්මික ඉංජි­නේරු විස­ඳුම් සහ දුර­ක­තන තාක්ෂ­ණය ඇතුළු විවිධ අංශ­යන්හි 25 වස­ර­කට වැඩි ජ්‍යෙෂ්ඨ ප්‍රධාන කළ­ම­නා­ක­රණ අත්දැ­කීම් ද ලබා ඇත.

විජේ­සිංහ මහතා ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව විද්‍යා­ල­යෙන් ආර්ථික විද්‍යාව පිළි­බඳ උපා­ධි­යක් සහ cardiff metropolitan විශ්ව විද්‍යා­ලයේ ව්‍යාපාර පරි­පා­ල­නය පිළි­බඳ පශ්චාත් උපා­ධි­ධ­ර­යෙකි. එසේම ඔහු ශ්‍රී ලංකාවේ වර­ලත් වෘත්තීය කළ­ම­නා­ක­රු­වකු ද වන අතර, ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය සහ ආය­ත­නික උපාය මාර්ග පිළි­බඳ අත්දැ­කී­ම්ව­ලින් සම­න්වි­තයි. අප­න­යන සංව­ර්ධ­න­යට අදාළ දේශීය හා ජාත්‍ය­න්තර සංගම් සමඟ විජේ­සිංහ මහතා ක්‍රියා­කා­රීව කට­යුතු කර ඇති අතර අප­න­යන කර්මා­න්තයේ බල­පෑම් සහ­ගත වෙන­ස්කම් ඇති කිරී­මට අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ලෙස ඔහු පත්වීම ශ්‍රී ලංකාවේ අප­න­යන අංශ­යට නව බලා­පො­රො­ත්තු­වක් ඇති කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT