අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මුහුදු රළ ගොඩබිමට ගලාඒමේ සිද්ධීන් කිහිපයක් දකුණු පළාතෙන් සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා විණි.
ඊයේ (16) අලුයම සිට දහවල් කාලය දක්වා මෙම තත්ත්වය වර්ධනය වෙමින් තිබූ අතර ඒ හේතුවෙන් ගාල්ල සමුද්‍ර මාවත, කටුගොඩ, ජාකොටුවැල්ල සහ රත්ගම වැල්ල මෙන්ම කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්න මාර්ග රැසක ගමනාගමනයට බාධා පැමිණ තිබිණි.
ගාල්ල සමුද්‍ර මාවත මුහුදු වැලිවලින් පිරී තිබූ අතර කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයකට ආසන්න දුරක නිවාස 200කට ආසන්න ප්‍රමාණයක්, සංචාරක නිවාඩු නිකේතන රැසක්, කළුතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ වැඩ ඒකක මුහුදු ජලයෙන් යටවී තිබිණි.
මේ අතර අධික සුළං හේතුවෙන් ගාල්ල කටුගොඩ, ජාකොටුවැල්ල සහ රත්ගමවැල්ල යන ධීවර තොටුපළවළ බෝට්ටු රැසකටද හානි පැමිණ ඇති අතර, ධීවරයන් පැවැසුවේ යාත්‍රාවලට පමණක් නොව ඇතැම් යාත්‍රාවල එන්ජින්වලට ද දැඩි හානි සිදුවූ බවයි. මුහුදු ඛාදනයෙන් මේ ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට රජය මඟින් විශාල කළුගල් වැටියක් ඉදිකර තිබුණත් එම කළුගල් වැටියට උඩින් මුහුද රළ ගොඩබිම කරා ඇදී එන බව ප්‍රදේශවාසීහු පැවැසූහ.
මේ අතර ගාල්ල ප්‍රධාන වරාය ගල් බැම්ම කඩතොලු වී ගාල්ල වරායට ඇතුළු වන දොරටුව ද ඊයේ (16) සවස් වන විට මුළුමනින්ම මුහුදු ජලයෙන් යටවී තිබිණී.

ගාල්ල

ගාල්ල

ගාල්ල

කළුතර

දික්වැල්ල
ගල්පාත – චන්දන ජයලාල්, පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක, ගාල්ල උතුර සමූහ – දික්වැල්ලේ තිලකරත්න, ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ, අම්බලන්ගොඩ සමූහ – ආර්.ඤාණදාස, කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන, හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ -කළුතර