වතුකරයේ ජනතාවට තිබෙන්නේ වැටුප්, නිවාස, මාර්ග ප්‍රශ්න පමණක් නොවෙයි. එයට වඩා දැවෙන ප්‍රශ්න රාශියක් වතුකර ජනතාවට තිබෙනවායැයි එක්සත් ප්රජාතන්ත්රවාදි හඬ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි.
තලවාකැලේ පිහිටි අනුෂා චන්ද්‍රසේකරන් මහත්මියගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව සඳහන් කළාය.
ඇය මේ මාධ්‍ය හමුවේදී මෙසේද පැවසුවාය.
Òවතුකරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන පහසුකම් ඉතාමත් පහත් මට්ටමකයි තිබෙන්නේ. ඒ අවම පහසුකම් මත වුවත් උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට යන්න විශ්වවිද්‍යාල පහසුකම් නිසි ලෙස නැහැ. විශ්වවිද්‍යාලයට තේරෙන මේ ප්‍රදේශයේ බොහෝ පිරිසකට ලැබෙන්නේ යාපනය, අම්පාර වැනි විශ්වවිද්‍යාලයි. එම විශ්වවිද්‍යාලවලට යෑමට විශාල මුදලක් වැය වන නිසා
විශ්වවිද්‍යාලයට තේරෙන බොහෝ පිරිසක් විශ්වවිද්‍යාල ගමන අතරමඟ නතර කරනවා. එමෙන්ම වෘත්තිය පුහුණුවක් ලබාගන්න අවශ්‍ය පහසුකම් නිසි ලෙස නැහැ. ඒ නිසා එවැනි පහසුකම් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති කිරීමට පියවර ගත යුතුයි.
වතුකරය ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දයෙන් මෙපමණ කාලයක් පාර්ලිමේන්තුවට ගිය පිරිස් මේ ගැන නිසි අවධානයක් යොමු කළ බවක් පේන්න නැහැ. එවැනි අවධානයක් යොමු කළා නම් මේ වන විට මේ දිස්ත්‍රික්කයට විශ්වවිද්‍යාලයක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන කීපයක් ඇති විය යුතුයි.
පසුගිය ජනාධිපතිවරණයේදී රට ඉල්ලුවේ වෙනසක්. ඒ වෙනස මත තමයි අනුර කුමාර මහතා ජනාධිපති වුණේ. ඒ වගේ මේ වතුකරයටත් දැන් වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ඇති කිරීමට තමයි මමත් එක්සත් ප්රජාතන්ත්රවාදි හඬ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ.
වතුකර ජනතාවට ඉඩම් දෙන්නම් ගෙවල් දෙන්නම් කියා මම පෙරොන්දු දෙන්නේ නැහැ. ඒත් මට පාර්ලිමේන්තුවට යන්න වරමක් ලැබුණොත් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවන්න අවශ්‍ය පහසුකම් අවුරුදු පහකදී දෙන්න කටයුතු කරනවා.
2020 මැතිවරණයේදි ස්වාධීනව තරග කර නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වුණා. එම තත්ත්වය මත මම හිතනවා මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ මෙන්ම ගම්මානවල ජනතාවද මට පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය ඡන්ද ලබාදෙයි කියලා යැයිද පැවසීය.”