ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ රථ වාහන පාලනයේ යෙදී සිටිය දී පුද්ගලයකුගෙන් රුපියල් 3000ක මුදලක් බලෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගාල්ල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්වරයා රුපියල් 20000ක මුදලක් හා තවත් ශරීර ඇපකරුවන් දෙදෙනකු යටතේ මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියම කරනු ලැබීය.
මෙම සිද්ධිය අල්ලස් හා දූෂණ මර්දන පනතට ගැනෙනවාද කියා වාර්තාවක් උසාවිය වෙත ඉදිරිපත් කරන ලෙසට පසුගිය නඩු දිනයේ දී ගාල්ල පොලිසියට කර තිබූ නියමය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසා සිටි අවස්ථා වේදී පොලිසිය පවසා සිටියේ ඒ පිළිබඳව තවමත් වාර්තාවක් ලැබී නැති බවය.
මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාව ලබා ගන්නා ලෙසට නියම කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විභාගය ලබන වසරේ මැයි මස 22 වැනි දින දක්වා කල් තැබීය. මෙම පැමිණිල්ල ගාල්ල පොලිසිය විසින් ඉදිරිපත් කර තිබූ අතර විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රදීප් මදනායක මහතා පෙනී සිටියේය.