Home » අ‍යකුගෙන් රු. 3000ක් බලෙන් ගත් ගාල්ල පොලි­සියේ සැර­යන්ට ඇප

අ‍යකුගෙන් රු. 3000ක් බලෙන් ගත් ගාල්ල පොලි­සියේ සැර­යන්ට ඇප

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

ගාල්ල දිසා සමූහ

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ රථ වාහන පාල­නයේ යෙදී සිටිය දී පුද්ග­ල­ය­කු­ගෙන් රුපි­යල් 3000ක මුද­ලක් බලෙන් ලබා ගැනීම සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගාර ගතව සිටි ගාල්ල පොලි­සියේ රථ වාහන අංශයේ පොලිස් සැර­ය­න්ව­රයා රුපි­යල් 20000ක මුද­ලක් හා තවත් ශරීර ඇප­ක­රු­වන් දෙදෙ­නකු යටතේ මුදා හැරී­මට ගාල්ල ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මාර මහතා නියම කරනු ලැබීය.

මෙම සිද්ධිය අල්ලස් හා දූෂණ මර්දන පන­තට ගැනෙ­න­වාද කියා වාර්තා­වක් උසා­විය වෙත ඉදි­රි­පත් කරන ලෙසට පසු­ගිය නඩු දිනයේ දී ගාල්ල පොලි­සි­යට කර තිබූ නිය­මය සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා පොලි­සි­යෙන් විමසා සිටි අවස්ථා වේදී පොලි­සිය පවසා සිටියේ ඒ පිළි­බ­ඳව තව­මත් වාර්තා­වක් ලැබී නැති බවය.

මේ සම්බ­න්ධ­යෙන් කඩි­න­මින් වාර්තාව ලබා ගන්නා ලෙසට නියම කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා වැඩි­දුර විභා­ගය ලබන වසරේ මැයි මස 22 වැනි දින දක්වා කල් තැබීය. මෙම පැමි­ණිල්ල ගාල්ල පොලි­සිය විසින් ඉදි­රි­පත් කර තිබූ අතර විත්ති­කරු වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රදීප් මද­නා­යක මහතා පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT