Friday, May 9, 2025
Home » මෙහෙ­කාර කත නිවෙස් හිමි­කා­රි­යගේ ලක්ෂ 4ක රන් බඩු උස්සලා

මෙහෙ­කාර කත නිවෙස් හිමි­කා­රි­යගේ ලක්ෂ 4ක රන් බඩු උස්සලා

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

කටු­ග­ස්තොට සමූහ - එස්.ජී. විජේ­රත්න

අල­ව­තු­ගොඩ පොලිස් වසමේ බුළු­ගො­හු­තැන්න ප්‍රදේ­ශයේ නිවෙ­සක මෙහෙ­කා­ර­ක­මට ආ කාන්තා­වක් එම නිවෙසේ හිමි­කා­රිය සතුව තිබුණු ලක්ෂ හත­ර­හ­මා­රක් පමණ වටිනා අත් පල­ඳ­නා­වක් හා රන් මාල­යක් සොරා­ගෙන ගොස් තිබේ.

නිවෙසේ අල්මා­රි­යක තබා තිබුණු මෙම රන් භාණ්ඩ කිසි­වකු විසින් සොරා­ගෙන ගොස් ඇති බව දැන­ගත් නිවෙස් හිමි­කා­රිය එම රන් භාණ්ඩ මෙහෙ­කා­රිය විසින් සොරා ගත්තා දැයි විම­සනු ලැබ ඇති අතර, එම අව­ස්ථාවේ ඇය පවසා ඇත්තේ තමන් එම භාණ්ඩ සොරා නොගත් බවයි. පසුව මේ පිළි­බ­ඳව නිවෙසේ හිමි­කා­රිය අල­ව­තු­ගොඩ පොලි­සි­යට පැමි­ණිලි කර තිබේ. එම පැමි­ණි­ල්ලට අනුව විම­ර්ශන ආරම්භ කළ පොලිස් නිල­ධා­රින් රන් භාණ්ඩ අස්ථා­න­ගත වූ නිවෙසේ සිටි මෙහෙ­කා­රි­ය­ගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඒ අව­ස්ථාවේ ද ඇය රන් භාණ්ඩ සොරා ගත්තේ නැති බව පොලි­සි­යට පවසා තිබේ. ඉන් නොනැ­ව­තුණු පොලිස් නිල­ධා­රින් කාන්තාව ගැන විම­සි­ල්ලෙන් සිටිද්දී ඇය දිගන ප්‍රදේ­ශ­යට ගොස් ඇති බවට තොර­තු­රක් ලැබී තිබිණ. ඇය දිග­නට ගියේ ඇයි දැයි පොලිස් නිල­ධා­රින් ප්‍රශ්න කරන විට ඇය පවසා ඇත්තේ, සර­ස්වතී පිළි­ම­යක් රැගෙන ඒමට දිග­නට ගිය බවයි. පසුව පොලිස් නිල­ධා­රින් පිරි­සක් දිග­නට ගොස් ඇය සර­ස්වතී පිළි­මය මිලදී ගත් බව පැව­සෙන වෙළෙ­ඳ­ස­ලට ගොස් පසුව එය ආස­න්නයේ පිහිටි රන් භාණ්ඩ අලෙ­වි­සල් පරි­ක්ෂා­වට ලක් කර තිබේ. එසේ පරීක්ෂා කිරී­මේදී සැක­කාර කාන්තාව විසින් ඇය සේවය කළ නිවෙ­සින් සොරා ගත් බව පැව­සෙන රන් මාලය හා අත් පල­ඳ­නාව රන් භාණ්ඩ අලෙ­වි­ස­ල­කට විකුණා ඇති බව අනා­ව­ර­ණය කර ගත හැකි විය. සොරා ගන්නා ලද රන් භාණ්ඩ විකුණා එම මුද­ලින් සැක­කා­රිය එම අලෙ­වි­ස­ලෙන්ම රන් මාල­යක් හා කරාබු ජෝඩු­වක් මිල­දී­ගෙන ඇති අතර, රන් භාණ්ඩ අලෙ­වි­සලේ හිමි­කරු පොලිස් නිල­ධා­රින්ට  පවසා ඇත්තේ එම රන් භාණ්ඩ­ව­ලට අම­ත­රව විකිණූ රන් භාණ්ඩ­වල ඉතිරි වටි­නා­කම වන රුපි­යල් අනූ­හය දහ­සක මුද­ලක් ද ඇයට ලබා දුන් බවයි.

අන­තු­රුව සැක­කාර කාන්තාව අත්අ­ඩං­ගු­වට ගත් පොලිස් නිල­ධා­රින් ඇය­ගෙන් දිගින් දිග­ටම ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය කර­ගෙන ඇත්තේ ඇය මිලදී ගත් රන් භාණ්ඩ උඩු­දු­ම්බර වෙසෙන ඇගේ ඥාති­යකු දිග­නට ගෙන්වා­ගෙන ඔහුට ලබා දී ඇති බවයි. පසුව උඩු­දු­ම්බර ප්‍රදේ­ශ­යට ගිය පොලිස් නිල­ධා­රින් ඇය ඥාති­ය­කුට ලබා දී තිබුණු රන් භාණ්ඩ ද පොලිස් භාර­යට ගෙන තිබේ. රංගල ප්‍රදේ­ශයේ ස්ථිර පදිං­චි­කා­රි­නි­යක වන 38 හැවි­රිදි සැක­කා­රිය මහ­නු­වර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු ඊයේ (16) දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT