Home » දිවා කාලයේ දැල්වෙන වීදි ලාම්පු­ව­ලින් විශාල විදුලි නාස්ති­යක්

දිවා කාලයේ දැල්වෙන වීදි ලාම්පු­ව­ලින් විශාල විදුලි නාස්ති­යක්

by Gayan Abeykoon
October 17, 2024 1:05 am 0 comment

කටාන - බර්ටි වීර­සිංහ

කටාන ප්‍රාදේ­ශීය සභා බල­ප්‍ර­දේ­ශයේ අතුරු මාර්ග­වල මෙන්ම ප්‍රධාන මාර්ග­වල දිවා කාලයේ දැල්වෙන වීදි ලාම්පු නිසා අති­වි­ශාල විදු­ලිය නාස්ති­යක් සිදු­වන බව ජන­තාව පව­සති.

මේ පිළි­බ­ඳව කටාන ප්‍රදේ­ශීය සභා­වෙන් සිදු කළ විම­සී­මේදී ලද තොර­තුරු අනුව වීදි ලාම්පු සවි කිරී­මට අදා­ළව චක්‍ර­ලේඛ හෝ විධි­මත් ක්‍රම­වේ­ද­යක් නොමැති අතර, පුද්ගල අව­ශ්‍යතා අනුව වීදි ලාම්පු සවි කිරීම සිදු කර ඇත.

විදි ලාම්පු දැල්වී­මට සහ නිවා දැමීම සඳහා විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් නොමැති අතර වීදි ලාම්පු දෙකක් අතර සම්මත දුරක් ද නොමැත.

එක් කිලෝ­මී­ට­ර­යක් තුළ වීදි පහන් 30කට අධික ප්‍රමා­ණ­යක් සවි කර ඇති බවත් මෙම වීදි පහ­න්ව­ලින් අඩුම තර­මින් වීදි ලාම්පු 10ක් පමණ පස්වරු හයට පෙර දල්වා පෙර­වරු දහය පසු­වන තෙක් දැල්වී තිබෙන අතර, අවම වශ­යෙන් වීදි ලාම්පු හත­ර­කට වැඩි ප්‍රමා­ණ­යක් පැය විසි­හ­තර පුරාම දැල්වෙ­මින් තිබෙන බවද නිරී­ක්ෂ­ණය විය.  මේ අනුව එක් කිලෝ­මී­ට­ර­යක එක් දිනක් තුළ දිවා කාලයේ දැල්වෙන වීදි පහන් සඳහා විදුලි ඒකක 10කට ආසන්න ප්‍රමා­ණ­යක් වැයවේ.

වීදි ලාම්පු සවි කිරී­මේදී මාර්ග­යට ආලෝ­කය වැටෙන ලෙස සවි නොකර ඒ අසල ඇති ව්‍යාපා­රික ස්ථාන ගොඩ­නැ­ඟිලි වැඩ­බි­ම්ව­ලට ආලෝ­කය ලබා­දීමේ අර­මු­ණින් සවි කර ඇති බවද දක්නට ලැබේ.

අන­වශ්‍ය ස්ථාන­වල සවි කර ඇති වීදි ලාම්පු ඉවත් කිරී­ම­ටත් වීදි ලාම්පු ස්වයං­ක්‍රි­යව දැල්වී­මට සහ නිවා දැමීම සඳහා අවශ්‍ය උප­ක­රණ සවි කර විදු­ලිය අපතේ යාම වළක්වා ගැනී­මට කට­යුතු කිරීම ප්‍රාදේ­ශීය සභාවේ බල­ධා­රින්ගේ වග­කී­මකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT