Saturday, May 10, 2025
Home » සුරා­බදු බල­පත් නැති රාත්‍රී සමාජ ශාලා 3ක් වට­ලයි

සුරා­බදු බල­පත් නැති රාත්‍රී සමාජ ශාලා 3ක් වට­ලයි

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්රි­ආ­රච්චි

සුරා­බදු බල­පත්‍ර නොමැ­තිව බත්ත­ර­මුල්ල හා තල­ව­තු­ගොඩ ප්‍රදේ­ශයේ පව­ත්වා­ගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා විදේශ මත්පැන් ලීටර් 793ක් අත්අ­ඩං­ගු­වට ගත් බව පාදුක්ක සුරා­බදු කාර්යා­ලය පව­සයි. ලද තොර­තුරු පරිදි අධි­ක­රණ නියෝග මත මෙම වැට­ලීම සිදු කර තිබුණි. අත්අ­ඩං­ගු­වට ගත් විදේශ මත්පැන් රාජසන්තක කර විනාශ කිරී­මට නියෝග ලබා ගැනී­මට නිය­මිත ය.

මෙම වැට­ලීම් බස්නා­හිර පළාත් I සුරා­බදු කොම­සා­රිස් ජයන්ත ද සිල්වා මහ­තාගේ හා කොළඹ නග­රය II සුරා­බදු අධි­කාරී පී.එන්. හේමන්ත මහ­තාගේ අධී­ක්ෂ­ණය හා උප­දෙස් මත, පාදුක්ක සුරා­බදු ස්ථානා­ධි­පති ඒ.ආර්. ලැම්බර්ට් මහ­තාගේ සහ­භා­ගී­ත්වය යටතේ, පාදුක්ක සුරා­බදු ස්ථානයේ නිල­ධා­රීන් වන සුරා­බදු පරී­ක්ෂක සංජීව මාන්න උතුම්, රුචිර සූරි­ය­සිංහ, කාන්තා සුරා­බදු මහ සැර­යන් දේවිකා නිලන්ති, සුරා­බදු සැර­යන් සම­ර­නා­යක, සුරා­බදු කෝප්‍ර­ල්ව­රුන් වන මාර­සිංහ, ධනුක චන්ද්‍ර­කු­මාර, අනිල් වීර­සිංහ, කසුන් හේවගේ, සමීර බණ්ඩාර හා සුරා­බදු රියැ­දු­රන් වන ශෂික රණ­තුංග, දුමින්ද යන නිල­ධා­රීහු විසින් සිදු කරනු ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT