Home » නීති­ඥ­ව­ර­යා ඇතුළු පිරිසකට පහර දුන් අය සොයා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන්න

නීති­ඥ­ව­ර­යා ඇතුළු පිරිසකට පහර දුන් අය සොයා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන්න

කඩු­වෙල වැඩ බලන මහේ­ස්ත්‍රා­ත්ව­රි­ය­ගෙන් නියෝග

by Gayan Abeykoon
October 17, 2024 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්රි­ආ­රච්චි

අන්තර් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩ­ලයේ හිටපු කැඳ­වු­ම්ක­රු­වකු වන නීතිඥ උදුල් ප්‍රේම­රත්න මහ­තාට සහ ඔහුගේ මිතුරන් පිරිසකට, තල­ව­තු­ගොඩ ප්‍රදේ­ශයේ ආප­ණ­ශා­ලා­ව­කදී පහර දුන් බව කියන පුද්ග­ල­යන් වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරන ලෙස කඩු­වෙල වැඩ බලන මහේ­ස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහ­ත්මිය පෙරේදා (15) තලං­ගම පොලි­සි­යට නියෝග කළා ය.  මෙලෙස පහර කෑමට ලක් වූ නීතිඥ උදුල් ප්‍රේම­රත්න මහතා සහ ඔහුගේ මිතුරන් තල­ව­තු­ගොඩ ප්‍රදේ­ශයේ සුප්‍ර­සිද්ධ ආප­න­ශා­ලා­වක ආහාර ගනි­මින් සිටි­යදී, එහි පැමිණි පුද්ග­ල­යන් නීතිඥ උදුල් ප්‍රේම­රත්න මහතා ජනතා විමුක්ති පෙර­මුණේ දේශ­පා­ලන මණ්ඩ­ල­යෙහි කට­යුතු කළ සම­යෙහි සිටි සම­කා­ලීන දේශ­පා­ලන මණ්ඩල සාමා­ජි­ක­යකු ඇතුළු පුද්ග­ල­යන් පහ­කට ආසන්න පිරි­සක් පැමිණ පහර දී ඇති බව නීතිඥ උදුල් ප්‍රේම­රත්න මහතා විසින් කරනු ලැබූ පැමි­ණිල්ලේ සඳ­හන් යැයි පව­ස­මින් තලං­ගම පොලි­සිය අධි­ක­ර­ණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

පැමි­ණි­ලි­කාර පාර්ශ්­වය වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රුන් වන ⁣දසුන් සිල්වා සහ සජිත් ගුණ­සේ­කර යන නීති­ඥ­යන් අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් මෙලෙස කීය.

‘මෙම පහ­ර­දීම සිදු­වෙලා දැනට පැය 48ක් වෙනවා. තලං­ගම පොලි­සිය සිද්ධිය වී පැය 48කට පසුව තමයි අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කරන්නේ. පොලි­සියේ ක්‍රියා­ක­ලා­පය ගැනත් අපිට සැක සහි­තයි. මේක රාජ්‍ය බලය යොද­වා­ගෙන සිදු කරන කට­යු­ත්තක්. අපගේ සේවා­දා­ය­කයා, පහ­ර­කෑ­මට ලක්වූ නීතිඥ උදුල් ප්‍රේම­රත්න මහතා ජනතා විමුක්ති පෙර­මුණේ හිටපු දේශ­පා­ලන මණ්ඩල සභි­ක­යෙක්. ජනතා විමුක්ති පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් අන්තර් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩ­ලයේ කැඳ­වු­ම්කරු විදි­හට කට­යුතු කළා.

පහර දෙන්න ආපු අය උඹ ජනතා විමුක්ති පෙර­මුණ පාවා දුන්නා නේද? පාවලා දීලා ගිහින් පෙර­ටු­ගාමී සංවි­ධා­නය සමඟ එක් වෙලා වැඩ කළා නේදැයි අස­මින් පහර දීලා තියෙ­නවා. අදාළ පහ­ර­දී­මට සම්බන්ධ පුද්ග­ල­යන් පිළි­බඳ නම් කර තිබෙ­නවා. එම ආප­න­ශා­ලාවේ ආර­ක්ෂිත කැමරා දර්ශන තිබෙ­නවා. ඒ නිසා මෙම සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන හඳු­නා­ගැ­නීමේ පෙර­ට්ටු­ව­කට ඉදි­රි­පත් කරන ලෙස ඉල්ලා සිටි­නවා.’

පහර කෑමට ලක්වූ නීතිඥ උදුල් ප්‍රේම­රත්න මහතා සහ ඔහුගේ මිතුරන් කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලැබූ බවත්, මේ වන විට නීතිඥ උදුල් ප්‍රේම­රත්න මහතා ප්‍රති­කාර ගෙන රෝහ­ලෙන් පිටව ඇති­මුත් ඔහුගේ බිරිය තව­මත් කොළඹ ජාතික රෝහලේ ප්‍රති­කාර ලබන බවත් මෙහිදී නීති­ඥ­ව­රුන් විසින් අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්වන ලදි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT