Home » නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් මියගිය ගණන 150 ඉක්මවයි

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් මියගිය ගණන 150 ඉක්මවයි

by sachintha
October 18, 2024 1:50 am 0 comment

වයඹ දිග නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 153 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජිගාවා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ඉන්ධන ටැංකිය සහිත ට්‍රක් රථය අනතුරට ලක්වී ඇත්තේ එහි රියැදුරට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් බව ද වාර්තා වේ. අනතුරින් පසු පෙරළී ගිය ඉන්ධන ටැංකියෙන් පිටතට ගලා ගිය ඉන්ධන රැස් කිරීමට අතිවිශාල පිරිසක් එක්රොක් වී ඇතැයි ද , ඒ සමඟම ඉන්ධන ටැංකිය පුපුරා ගොස් දැවැන්ත ගිනි ජාලාවක් පැතිරී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මියගිය සහ තුවාල ලැබූ සියලුදෙනා ඉන්ධන එක්රැස් කිරීමට පැමිණි අවට නිවාසවල පදිංචිකරුවන් බව ද වාර්තා වේ. ඉන්ධන ටැංකිය රැගත් ට්‍රක් රථයේ රියැදුරුට කිසිදු අනතුරක් සිදු නොවූ බවත්, ඔහු අත්අඩංගුවට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT