Home » බංග්ලාදේශ අධිකරණයකින් ශෙයික් හසීනාට වරෙන්තු

බංග්ලාදේශ අධිකරණයකින් ශෙයික් හසීනාට වරෙන්තු

by sachintha
October 18, 2024 1:51 am 0 comment

මීට මාස දෙකකට පෙර සිදුවූ සරසවි ශිෂ්‍ය අරගලය අතරතුර රටින් නික්ම ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයකින් වරෙන්තු නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විරෝධතා අතරතුර සරසවි සිසුන් හා සිවිල් වැසියන් සිය ගණනක් ඝාතනයට ලක්වූ අතර, ඊට හසීනාගේ සම්බන්ධතාවක් ඇතැයි චෝදනා කරමින් බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව එම වරෙන්තුව නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

හසීනාට අමතරව රට හැර ගිය ඇගේ අවාමි ලීග් රජයේ හිටපු ඇමැතිවරුන් ඇතුළුව තවත් පුද්ගලයන් 45 දෙනකුට ද වරෙන්තු නිකුත් කර ඇති අතර, අගමැතිනිය ඇතුළු සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ලබන නොවැම්බර් මස 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව නියෝග නිකුත් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ සෞඛ්‍ය ඇමැතිවරයාට අනුව පසුගිය අගෝස්තුවේ උද්ගත වූ රාජ්‍ය විරෝධී අරගලයේදී පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT