50
පල්ලිකුඩිඉරිප්පු ප්‍රදේශයේ වී වැපිරීම සඳහා බිම් සකස් කිරීමට යෑමේදී කුඹුරු යායක පස්වලට යටවී තිබේදී සොයා ගත් ජීව අත්බෝම්බයක් ඊයේ (17) නිෂ්ක්‍රිය කිරීමට සාම්පූර් පොලිසිය කටයුතු කළේය.
පල්ලිකුඩිඉරිප්පු ප්‍රදේශයේ කුඹුරක බිම් සකස් කිරීමේදී හමු වූ මෙම ජීව අත් බෝම්බය සම්බන්ධයෙන් එම කුඹුරු සකස් කළ නාගරාසා රවින්ද්‍ර නමැති අය පොලිසියට කළ දැනුම්දීමක් අනුව මෙම ජීව අත්බෝම්බය පොලිස් භාරයට ගෙන මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා නිෂ්ක්‍රීය කිරීමට සාම්පූර් පොලිසිය කටයුතු යොදා තිබිණි.
ත්‍රිකුණාමලය විශේෂ
ඒ.ටී.එම්. ගුණානන්ද