ඉන්දියාවේ රොටරි සමාජයේ හා යාපනයේ රොටරි සමාජයේ සහභාගිත්වයෙන් යාපනය පලාලි පාර දෙපස ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට තිබේ. අලංකාරයට හා ජනතාවට අධික හිරු රශ්මියෙන් බේරීමට මෙම ගස් සිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඉන්දියාවේ රොටරි සමාජ නියෝජිතයෝ 20 දෙනකු මේ ව්‍යාපෘතිය සඳහා යාපනයට පැමිණ සිටිති.
මාර්ගය දෙපස පැළ සිටුවීමට අමතරව පාසල් සිසුන් හා රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කර ඔවුන්ගේ සහභාගිත්වයෙන්ද යාපනය පුරා පැළ සිටුවීමට ඉන්දීය හා යාපනය රොටරි සමාජ නියෝජිතයෝ බලාපොරොත්තු වෙති. මේ වැඩසටහන ඔක්තෝබර් මස 15 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා යාපනයේ ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක කෙරෙයි.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ