Thursday, May 8, 2025
Home » ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට ජගත් සේරම්

ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට ජගත් සේරම්

by sachintha
October 18, 2024 2:02 am 0 comment

ගාලු දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් සේරම් මහතා පත්කර තිබේ.

මින්නේරිය මධ්‍ය මහා විදයාලයේ ආදි සිසුවකු වන ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේම 1999 වසරේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ ඒ මහතා 2008 වසරේ පැවති සීමිත තරග විභාගයකින් සහකාර පොලිස් අධිකාරි ධුරයට පත්ව අනුරාධපුරය, බණ්ඩාරවෙල යන ප්‍රදේශවල සේවය කර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී 2018 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත්ව ඇත.

අනතුරුව නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබ ප්‍රජා පොලිස් ආරක්ෂණ දිසාව භාරව සිටියදී ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඒ මහතා සාම සාධක හමුදාවේද ජාත්‍යන්තර පොලිස් සේවයේද (ඉන්ටපෝල්) සේවය කර ඇත. මේ වනවිට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දර්ශනවේදී උපාධිය හදාරමින් සිටින ඒ මහතා කරාටේ කළුපටිධාරියෙකු වන අතර ශ්‍රී ලංකා පොලිස් බොක්සිං සංගමයේ සභාපතිවරයාද වේ.

දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT