කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයන් පිරිසක් මෙරට නිෂ්පාදිත අවි 06ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත සූරියවැව පොලිස් වසමේ වල්සපුගල, 16 වැව අසල කැලෑබද භූමියක දී වැටලීම කර ඇත.
එහිදී කිසියම් අපරාධයකට භාවිත කිරීම සඳහා මෙරට නිශ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 06ක් සන්තකයේ කබාගෙන සිටි සූරියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28, 29, 34, 39 හා 47 පසුවන පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් සූරියවැව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ජී.ආර්. වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
රක්ෂණ ශ්‍රියන්ත