Home » මාලිමාවට ඡන්දය දෙන්න ඕන කියන එක හැමෝගෙම කට අග තිබුණු දෙයක්

මාලිමාවට ඡන්දය දෙන්න ඕන කියන එක හැමෝගෙම කට අග තිබුණු දෙයක්

-ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක

by sachintha
October 18, 2024 1:50 am 0 comment

ගිය පාර ජනාධිපතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙන්න ඕන කියන එක හැමෝගෙම කට අග තිබුණු දෙයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ජනාධිපතිවරණයේදී කාටද කතිරය ගහන්නේ කියලා ඇහුවම, මාලිමාවට, මාලිමාවට කියලා රැල්ලක් විදිහට තමයි ගියේ. ගෝඨාභය මහත්තයාගේ කාලයේ චිත්‍ර ඇන්දා වගේ තරුණයෝ ටිකත් ඔහේ අපි මාලිමාවට, අපි මාලිමාවට කියලා කිව්වා. අවුරුදු 75ක් අපි හිටපු නිසා ඒගොල්ලන්ටත් අවස්ථාවක් දෙන්න කියලා ජනගත කළා. මේකත් සමහර ජනතාව විශ්වාස කළා. අපි ශ්‍රී ලංකා ආණ්ඩු, යූ.එන්.පී. ආණ්ඩු දැකලා තියෙනවා. මෙයාලා මේ කියන විදිහට දීලා බලන්න ඕන කියලා ඒකත් රැල්ලක් වගේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හදවතේ තියෙන්න ඇති.

දැන් වෙන්න ඕන සේරම ටික වෙලා ඉවරයි. දැන් අපිට විපක්ෂයේ ඉඳන් දේශපාලනය කරන්න වෙලා තියෙනවා.

මේ මැතිවරණයේදී අපි සැලසුම්සහගතව වැඩ කළොත් එහෙම අපිට මේ ජයග්‍රහණය, විජයග්‍රහණය කර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට හේතුව දැන් අනුර කුමාර ජනාධිපති වෙලා ඉවරයි. දැන් අපිට අනුර කුමාරගේ කකුලෙන් අදින්න වුවමනාවක් නෑ. නමුත් අපි රජයේ සේවකයන්ගේ පඩි වැඩිකිරීම වෙනුවෙන් කටයුතු කරනවා.

අනුර කුමාර ජනාධිපතිවරයා ඒ දවස්වල වේදිකාවේ කිව්වේ අපි රජයේ සේවකයින් වෙනුවෙන් මාස 06කට වතාවක් ජීවන වියදම සලකලා මාස 06න් 06ට වැටුප් වැඩි කිරීමක් කරනවා කියලා. එය ලබා දීම වෙනුවෙන් අපි සටන් කරනවා යැයි ද කීවේය.

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT