Sunday, May 11, 2025
Home » ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව කිසිවිට ප්‍රකාශ කර නෑ

ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව කිසිවිට ප්‍රකාශ කර නෑ

-මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී ලාල්කාන්ත

by sachintha
October 18, 2024 1:47 am 0 comment

ජාතික ජන බලවේගය බලයට පත් වූ පසු ණය නොගෙන ආණ්ඩුවක් කරන බව ජනපතිවරයා, මන්ත්‍රීවරයෙකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු ප්‍රකාශ කර ඇත්නම් ඒ බව සාක්කි සහිතව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන බව ජාතික ජනබලවේගයේ විධායක සභික, මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව විශාල ලෙස ණය ලබාගත් බවට චෝදනා කරන අයට තමන් මෙම අභියෝගය කරන බව ද ඒ මහතා කීය.

මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී ඊයේ (17) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා මෙසේද ප්‍රකාශ කළේය. ණය අපරාධයක් නෙවෙයි. ණය අවශ්‍යයි. ණය හොරකමට, වංචාවට, දූෂණයට නාස්ති නොකර නිවැරදි ලෙස අයෝජනය කරන්න ඕන කියන එක තමයි ජනපතිවරයා ප්‍රකාශ කළේ. ගන්න ණය හරි විදිහට යොදවන්න ඕන. ඒකයි අවශ්‍යය වෙන්නේ. අපිට ණය නොදී ජත්‍යන්තර මූල්‍ය අරමුදල හැරිලා ගියොත් කියන්නේ ඒ අය මේ ආණ්ඩුව අතහැරියා කියලයි. මාලිමාවේ ආණ්ඩුවක් ආවම ඒ අය හැරිලා යයි කියලා සමහරු බලාගෙන හිටියා. අපි රාජ්‍යතාන්ත්‍රිකව වැඩ කරන්නේ. චෝදනා කරන අයට මම කියන්නේ ණය හරිදේට යොදවනවාද නැද්ද කියලා බලන්න. ඒවා නාස්ති කරනවා නම් චෝදනා කරන්න. එහෙම නැතුව ණය ගැනීම වරදක් ලෙස පෙන්වන්න උත්සහ කරන්න එපා.

රජයේ නනතුරුවලට පත් කරන්නේ පරිපාලන සේවයේ ඉහළින් ඉන්න අයයි. කොයි ආණ්ඩුව ආවත් පත් කරන්න ඕන මේ අයව තමයි. ඒ අය පැත්තකට දාලා ගෙවල්වල ඉන්න අයට රාජ්‍ය සේවයේ පත්වීම් දෙන්න බැහැ. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත් කරන්නේ හැකියාව දක්ෂතාව තිබෙන අය යි.

මේ පත් කළ නිලධාරීන් රනිල්ගේ හෝ වෙනත් කාගේ හෝ පාලනයක වැඩ කළ අය කියන එක ප්‍රශ්නයක් කර ගන්න ඕන නැහැ. අපි පත්කරපු නිලධාරීන් පත් කළ දිනයේ සිට හරියට වැඩ කරනවා ද නැද්ද කියන එක බලලා අපිට කතා කරන්න කියලා බොරු චෝදනා කරන අයට අපි කියනවා. කවුරු වුණත් කමක් නැහැ ජනතාව වෙනුවෙන් ඒ අය හරියට වැඩේ කරනවාද කියන එක තමයි අපිට වැදගත්. එයා කලින් රනිල්ගේ අමාත්‍යාංශයක හිටියද මහින්ද ළඟ හිටියද කියන එක අපිට වැදගත් නැහැ. අපිට වැදගත් වන්නේ අපි ජනමතයට අනුව පවරණ වැඩේ ඒ අය හරියට කරනවාද කියන එකයි. ගොඩක් අභියෝග මැද්දේ ඒ අය ඒ කටයුතු හොඳින් ඉටු කරමින් සිටිනවා.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT