Thursday, May 15, 2025
Home » නීති විරෝධී දුම්වැටි ජාවා­ර­මක් වට­ලන්න ගිය STF නිලධාරින්ට හැඳු­නු­ම්පත් තොග­යක් හමු­වෙලා

නීති විරෝධී දුම්වැටි ජාවා­ර­මක් වට­ලන්න ගිය STF නිලධාරින්ට හැඳු­නු­ම්පත් තොග­යක් හමු­වෙලා

by damith
October 19, 2024 1:16 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

නීති විරෝධී ලෙස මෙර­ටට දුම්වැටි රැගෙන විත් අලෙවි කිරීමේ ජාවා­ර­මක් සම්බ­න්ධ­යෙන් පොලිස් විශේෂ කාර්ය බළ­කාය කළ වැට­ලී­ම­කදී මගී බස් රථ හිමි­ක­රු­ව­කුගේ තලං­ගම පිහිටි නිවෙ­සක තිබී විවිධ පුද්ග­ල­යන්ට අයත් හැඳු­නු­ම්පත් සහ රියැ­දුරු බල­පත්‍ර 29ක් හමුවී තිබේ.

ජාතක හැඳු­නු­ම්පත් විසි­දෙ­කක්, රියැ­දුරු බල­පත්‍ර හයක් සහ පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ පොලිස් හැඳු­නු­ම්ප­තක් ඒ අතර තිබී ඇත.

මේ සම්බ­න්ධ­යෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී සහ විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ බස් රථ­වල වැටී තිබී හමු වූ මුදල් පසු­ම්බි­වල තිබුණු හැඳු­නු­ම්පත් සහ රියැ­දුරු බල­පත්‍ර ඔහු මෙසේ තමා ළඟ තබා­ගෙන සිට ඇති බවය. මුදල් සහ හැඳු­නු­ම්පත් තබා­ගෙන මුදල් පසුම්බි විසි කර ඇති බවත් එම මුදල් පසුම්බි සහ හැඳු­නු­ම්පත් හිමි­ක­රු­වන්ට ලබා නොදී ඔහු සිය සන්ත­කයේ තබා­ගෙන සිට ඇති බවත් විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. මෙසේ ඔහු හැඳු­නු­ම්පත් සහ රියැ­දුරු බල­පත්‍ර රැස්කර ඇත්තේ නීති විරෝධී ක්‍රියා­වක් සඳහා යොදා ගැනී­මට දැයි සැක­යක්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රින්ට ඇතිවී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ බුද්ධි අංශ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නදීක සිල්වා මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් තලං­ගම කන්ද­වත්ත පාරේ පිහිටි මගී බස් රථ එකො­ළ­හක හිමි­ක­රු­වෙක් බව කියන පුද්ග­ල­යෙ­කුගේ නිවෙ­සක් පෙරේදා වටලා ඇත්තේ එම නිවසේ නීති විරෝධී දුම්වැටි ඇති බවට ලද තොර­තු­ර­කට අනු­වයි.

එහිදී නිවෙසේ ගරා­ජ­යක තිබී විවිධ වර්ගයේ දුම්වැටි හාර­දා­හක් පමණ සොයා­ගෙන තිබේ. අන­තු­රුව නිවෙස පරීක්ෂා කිරී­මේදී හැඳු­නු­ම්පත් සහ පොලිස් සැර­ය­න්ව­ර­යාගේ නිල හැඳු­නු­ම්පත හමුවී ඇත. මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශ­නය සඳහා සැක­කාර බස් රථ හිමි­කරු තලං­ගම පොලිස් ස්ථාන­යට භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT