වර්තමාන ලෝකය තුළ පිළිකා රෝගී තත්ත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව නව රෝගීන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වනුයේ තත්ත්වය වඩාත් තීව්‍ර කරමිනි.
මෙම අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්ත්වය රෝගීන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මූල්‍යමය මෙන්ම මානසික ආතතිය අතින් විශාල වශයෙන් පීඩාවන් ගෙන දෙන කාරණාවක් වී ඇත. මෙහිදී පීඩාවට පත් වූ පවුල්වල සිසුන්ට ඇති වන මානසික පීඩා, නිෙවසේ වගකීම් වැඩි වීම මෙන්ම, මතුවන ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන්ගේ අධ්‍යාපන ගමන ගැටලුකාරී වී ඇති අවස්ථා බොහොමයක් දැකගත හැකිය.
ඒ අනුව සිසුන්ගේ අනාගතය තීරණය කරන, ජීවිතයේ වටිනා කඩඉමක් වන උසස් පෙළ විභාගය සඳහා ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීම අරමුණු කර ගෙන තම Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ලාභය යෙදවීමට Fadna ආයතනය තීන්දුකොට ඇත.
Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස නම් කර ඇති එහි සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම මැයි මස 25දා සිදුවූ අතර, ශිෂ්‍යත්ව ලබාදීමේ පළමු අදියර පසුගියදා Fadna ආයතනයේ ප්‍රධානත්වයෙන් හා මොරටුව නිව් horizon සිංහ සමාජයේ සහයෝගිතාවෙන් ගංගාරාම රජමහා විහාරයේදී, සර්ව ආගමික නායකයන් ඉදිරියේදී සිදු කෙරුණි.
මෙහිදී දශක දෙකකට අසන්න කාලයක් පුරාවට තම පාරිභෝගිකයන්ගේ විශ්වාසය නොමඳව දිනා සිටින කීර්තිමත් සන්නාමයක් වන Fadna කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව හඳුන්වා දුන් නවතම නිෂ්පාදන 4 අතරින් Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමෙන් තම කොටස Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන්කොට තම සමාජීය වගකීම යුහුසුළුව ඉදිරියට ගෙන යන ගමනේ තවත් වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකිය.
පිළිකා රෝගයෙන් පෙළෙනා මවුපියන්ගේ උසස් පෙළ ඉගෙනුම ලබනා දරු දැරියන් හට පාසල් ඉගෙනුම අවසන් වන තෙක් මෙම ශිෂ්‍යත්වය ලබාදීමට තීරණය කොට ඇත.