මෙරට කීර්තිමත් සාමාන්‍ය රක්‍ෂණ සේවා සපයන්නෙකු වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (Sri Lanka Institute of Training & Development – SLITAD) විසින් පවත්වන ලද ජනතා සංවර්ධන සම්මාන උලෙළේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. සමාගම් 19ක් අතරින් මෙසේ ඇගයීමට පාත්‍ර වූ එකම රක්‍ෂණ සේවා සපයන්නා වූයේ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පමණි.
පුළුල් මානව සම්පත් සංවර්ධනයක් ඉලක්ක කර ගත් ක්‍රමෝපායික ආයෝජන සිදු කරමින් ජනතා සංවර්ධනය සඳහා දායක වන විශිෂ්ට ආයතන හඳුනාගෙන ඔවුන් ඇගයීමට ලක් කිරීමේ අරමුණෙන් SLITAD ජනතා සංවර්ධන සම්මාන උලෙළ වාර්ෂිකව පවත්වනු ලබයි. ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් ඉහළම නිර්ණායකයන්ට අනුකූලව පවත්වනු ලබන මෙම සම්මාන උලෙළේදී සමාගම්වල පැහැදිලි දියුණුව, නවෝත්පාදන සහ මානව සම්පත් ක්‍රමෝපායන්හි අඛණ්ඩ වර්ධනය පිළිබඳව සැලකිලිමත් වෙයි.
ව්‍යාපාර, ඉගෙනුම් හා සංවර්ධනය, පුද්ගල කළමනාකරණය, නායකත්වය හා කළමනාකරණය, කළමනාකරණ කාර්යක්‍ෂමතාවය, පිළිගැනීම හා ඇගයීම යන අංශවලට සම්බන්ධ බහුවිධ ක්‍රමෝපායන් කෙරෙහි අවධානය යොමු කරමින් ශක්තිමත් හා පුළුල් ඇගයීම් ක්‍රියාවලියකට අනුව මෙම සම්මානය ප්‍රදානය කරයි. ජ්‍යෙෂ්ඨ විගණකවරුන් විසින් සිදු කරන ස්වාධීන විගණනයකින් ජයග්‍රාහකයන් තෝරා ගන්නා නිසා ඇගයීම් ක්‍රියාවලියේ විශ්වසනීයත්වය ද තහවුරු වේ.
“SLITAD ජනතා සංවර්ධන සම්මාන උලෙළේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීම අපට විශාල ගෞරවයක්. පුළුල් කාර්ය මණ්ඩල සංවර්ධනයකින් සමන්විත මානව සංවර්ධන ක්‍රියාවලියක් වෙනුවෙන් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් විදියට අප තුළ වන කැපවීමට මේ සම්මානය හොඳම සාක්‍ෂියක්. අපේ පුද්ගල සංවර්ධන ක්‍රමෝපායන් සහ ව්‍යාපාරික මෙහෙයුම් නිරවුල්ව පවත්වාගෙන යාම නිසා අප ආයතනයක් වශයෙන් දියුණු වෙලා තියෙනවා. ඒ වගේම රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වශයෙන් සමස්ත රක්‍ෂණ ක්‍ෂේත්‍රය තුළ විශිෂ්ට රක්‍ෂණ සංස්කෘතියක් සහ අඛණ්ඩ දියුණුවක් ඇති කිරීමටත් විශාල දායකත්වයක් ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා.” යැයි HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.