ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි මලල ක්‍රීඩා කණ්ඩායම, පසුගියදා පැවති 39 වැනි වාර්ෂික වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අනුශූරයන් බවට පත් විය. මෙම තරගාවලිය දින තුනක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
SLT-MOBITEL කණ්ඩායම මෙම තරගාවලියේදී දිවයිනේ සමාගම් හා ආයතන 50කට අධික සංඛ්‍යාවක් නියෝජනය කළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,500කට අධික සංඛ්‍යාවක් සමඟ තරග වැදුණු අතර, එහිදී තරග ඉසව් රැසකදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින්, අභියෝගතා කුසලාන සහ පදක්කම් රැසක් දිනාගනිමින්, තරගාවලියේ අනුශූරයන් බවට පත්වීමට සමත් විය.
මෙම දක්ෂතා හේතුවෙන් පිරිමි අංශයේ සමස්ත අනුශූරතාවට අමතරව විශිෂ්ටතම නවක ක්‍රීඩකයා සහ වයස 40ට වැඩි කාණ්ඩයේ විශිෂ්ටතම ක්‍රීඩකයා යන අංශවල ජය වාර්තා කිරීමටද SLT-MOBITEL කණ්ඩායමට හැකියාව ලැබිණි.
එමෙන්ම මෙය හුදෙක් ව්‍යාපාරික සාර්ථකත්වයෙන් නොනැවතී, ආයතනික සංස්කෘතියේ සියලුම පැතිමාන තුළ විශිෂ්ටත්වය සනිටුහන් කිරීම සඳහා SLT-MOBITEL දරන ප්‍රයත්න මැනැවින් පිළිබිඹුකරන ජයග්‍රහණයක් ලෙසද හැඳින්විය හැකි වේ. කණ්ඩායම් හැඟීම සහ විනය මෙන්ම රැකියාව හා පෞද්ගලික ජීවිතය අතර සමබරතාව ඇතිකිරීම සඳහා ක්‍රීඩාව මගින් ඉටුවන මෙහෙවර SLT-MOBITEL හොඳින් හඳුනයි. ඒ ඔස්සේ ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කරන අතරම කාර්ය මණ්ඩලයට තම දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාව හිමිවන පසුබිමක් නිර්මාණය කිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ.