ඉංග්‍රීසි ඕඩයේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් මාස හතරක බිළිඳකු ජීවිතක්ෂයට පත්වූ බවත්, පුද්ගලයන් 65 දෙනකු බේරා ගැනීමට ප්‍රංශ වෙරළාරක්ෂක බළකාය සමත්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බ්‍රිතාන්‍ය බලා යාත්‍රා කරමින් තිබූ බව කියන එම බෝට්ටුව කුර්දිස්තානයේ සිට පැමිණි බවට ප්‍රංශ වෙරළාරක්ෂක බළකාය අනුමාන කර ඇති අතර, එහි ප්‍රධාන වශයෙන් ඉරාන හා ඉරාකයට අයත් ඇල්බේනියානු ජාතිකයන් සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය සැප්තැම්බර් මස ඉංග්‍රීසි ඕඩයේදී බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් දරුවන් 6 දෙනකු ඇතුළු පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඊට මාසයකට පසු තවත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් දරුවකු ඇතුළු සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.