Friday, May 16, 2025
Home » ඉංග්‍රීසි ඕඩයේ බෝට්ටු අන­තු­ර­කින් බිලි­‍ෙඳක් මිය යයි

ඉංග්‍රීසි ඕඩයේ බෝට්ටු අන­තු­ර­කින් බිලි­‍ෙඳක් මිය යයි

65 දෙන­කුගේ දිවි බේරෙයි

by damith
October 19, 2024 1:16 am 0 comment

ඉංග්‍රීසි ඕඩයේ බෝට්ටු­වක් අන­තු­රට ලක්වී­මෙන් මාස හත­රක බිළි­ඳකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බවත්, පුද්ග­ල­යන් 65 දෙනකු බේරා ගැනී­මට ප්‍රංශ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය සමත්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය බලා යාත්‍රා කර­මින් තිබූ බව කියන එම බෝට්ටුව කුර්දි­ස්තා­නයේ සිට පැමිණි බවට ප්‍රංශ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය අනු­මාන කර ඇති අතර, එහි ප්‍රධාන වශ­යෙන් ඉරාන හා ඉරා­ක­යට අයත් ඇල්බේ­නි­යානු ජාති­ක­යන් සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය සැප්තැ­ම්බර් මස ඉංග්‍රීසි ඕඩ­යේදී බෝට්ටු­වක් අන­තු­රට ලක්වී­මෙන් දරු­වන් 6 දෙනකු ඇතුළු පුද්ග­ල­යන් 12 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, ඊට මාස­ය­කට පසු තවත් බෝට්ටු­වක් අන­තු­රට ලක්වී­මෙන් දරු­වකු ඇතුළු සිව්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT