Home » මන්නා­රම මහා­ධි­ක­රණ විනි­සු­රුට අප­හාස වන පෝස්ටර් ඇල­වීම

මන්නා­රම මහා­ධි­ක­රණ විනි­සු­රුට අප­හාස වන පෝස්ටර් ඇල­වීම

සැක­කාර අට­දෙනා යළි රිමාන්ඩ්

by damith
October 19, 2024 1:02 am 0 comment

කල්පනි අබේ­සිංහ

මන්නා­රම් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාට අප­හාස වන අයු­රින් පෝස්ටර් දැන්වීම් ඇලවූ බව කියන සිද්ධි­යට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින සැක­ක­රු­වන් අට­දෙ­නාට ඇප ලබා­දීම ප්‍රති­ක්ෂේප කළ කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් හර්ෂණ කැකු­ණ­වෙල මහතා සැක­ක­රු­වන් ලබන 21 දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට ඊයේ (18) නියෝග කළේය.

සැක­ක­රු­වන් වෙනු­වෙන් ඇප ලබා­දෙන ලෙස ඔවුන් වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා කරන ලද ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මෙම නියෝ­ගය ලබා දෙන ලදි.

මෙම සිද්ධි­යට අදා­ළව සැක­ක­රු­වන් අට­දෙ­නෙකු මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින බවත් සිද්ධි­යට අනු­බල ලබා­දුන් පුද්ග­ලයා පිළි­බ­ඳව තොර­තුරු ලැබී ඇති බැවින් මේ පිළි­බඳ විම­ර්ශන කට­යුතු සිදු කිරීම සඳහා සැක­ක­රු­වන් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට කොළඹ අප­රාධ කොට්ඨා­සය කරන ලද ඉල්ලී­මක් සලකා බලා අධි­ක­ර­ණය විසින් මෙම නියෝ­ගය ලබා­දෙන ලදී.

මේ වන විට සිද්ධි­යට අදා­ළව මාතලේ පදිංචි ඉශාන් ගුණ­සේ­කර, ඇරැ­ව්වල පදිංචි ක්‍රිශාන් නාලක, මඩ­පාත පදිංචි මනෝජ් මධු­ශංක, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ උපා­ධි­ධා­රි­යකු වන ලක්මාල් වික්‍ර­ම­සිංහ(41), කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ උපා­ධි­ධා­රි­යකු වන එස්. බී.එච්. මනෝජ් මධු­ශංක (27) සහ කොළඹ ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යකු වන තිලංග දක්ෂිත සුම­ති­පාල සහ ව්‍යාපා­රි­ක­යකු වන දසුන් තරංග බණ්ඩාර යන සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින බව කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

මෙම පෝස්ටර් ඇල­වීමේ සිද්ධි­යට හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා අනු­බල ලබා­දුන් බවට කොළඹ අප­රාධ කොට්ඨා­සය විසින් පෙර නඩු දින­ය­කදී යොමු කරන ලද වාර්තා­වට අදා­ළව අපේ­ක්ෂිත ඇප අය­දු­ම්පත ඉදි­රි­පත් කර තිබෙන බවද කොළඹ අප­රාධ කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන ඒක­කයේ උප පොලිස් කොස්තා­පල් චතු­රංග සහ බණ්ඩාර යන නිල­ධා­රීන් මෙම සිද්ධි­යට සම්බන්ධ විම­ර්ශන කට­යුතු සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT