මන්නාරම් මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන අයුරින් පෝස්ටර් දැන්වීම් ඇලවූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් අටදෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සැකකරුවන් ලබන 21 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඊයේ (18) නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදි.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් අටදෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් සිද්ධියට අනුබල ලබාදුන් පුද්ගලයා පිළිබඳව තොරතුරු ලැබී ඇති බැවින් මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බලා අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.
මේ වන විට සිද්ධියට අදාළව මාතලේ පදිංචි ඉශාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිශාන් නාලක, මඩපාත පදිංචි මනෝජ් මධුශංක, කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ලක්මාල් වික්‍රමසිංහ(41), කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන එස්. බී.එච්. මනෝජ් මධුශංක (27) සහ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන තිලංග දක්ෂිත සුමතිපාල සහ ව්‍යාපාරිකයකු වන දසුන් තරංග බණ්ඩාර යන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම පෝස්ටර් ඇලවීමේ සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා අනුබල ලබාදුන් බවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පෙර නඩු දිනයකදී යොමු කරන ලද වාර්තාවට අදාළව අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබෙන බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් කොස්තාපල් චතුරංග සහ බණ්ඩාර යන නිලධාරීන් මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.