Home » යතු­රු­පැ­දිය පද­වා­ගෙන ගිය සිසුවා හැප්පී මරුට

යතු­රු­පැ­දිය පද­වා­ගෙන ගිය සිසුවා හැප්පී මරුට

by damith
October 19, 2024 1:02 am 0 comment

නාඋල සමූහ
අන­තු­රෙන් පසු පාසල් සිසුවා ගමන් ගත් යතු­රු­පැ­දිය වැටි තිබු අයුරු.
මිය ගිය ප්‍රේමෝත් සත්සර සිසුවා

මිය ගිය ප්‍රේමෝත්
සත්සර සිසුවා

යතු­රු­පැ­දි­යක ගමන් ගත් පාසල් සිසු­වකු ඉදි­රි­යෙන් පැමිණි කැබ් රථ­යක ගැටී­මෙන් තුවාල ලබා නාලන්ද රෝහ­ලට ඇතු­ළත් කිරි­මෙන් පසු මිය­ගොස් ඇතැයි නාඋල පොලි­සිය කියයි. පසු­ගිය දා (17) පෙර­වරු 8.30 ට පමණ නාඋල විදුලි බල මණ්ඩ­ලය ඉදි­රි­පි­ටදී මෙම අන­තුර සිදුව ඇත. මිය­ගොස් ඇත්තේ කැකු­ළ­න්දර මුදි­ය­න්සේ­ලාගේ ප්‍රේමෝත් සත්සර නමැති 16 හැවි­රිදි නාඋල පෙන­ල­බොඩ ලිපි­නයේ පදිං­චිව සිටි පාසල් සිසු­වෙකි.

කැබ් රථයේ රිය­දුරු හස­ලක, බුරු­ලු­පොත, බෝම­ළුව ප්‍රදේ­ශයේ පදිංචි 46 හැවි­රිදි පුද්ග­ල­යකු වන අතර සැක­කරු නාඋල පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

ඔහු ඊයේ (17) නාඋල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරි­මට නිය­මි­තව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT