අනුර කුමාර දිසානායක මහතාට මම මතක් කරන්න ඕන, එතුමාත් අනුරාධපුරයේ ඔබතුමත් දිසානායක, මමත් දිසානායක. බැරිකම කියන එක වෙනයි, බොරු කියන එක වෙනයි. අපි ඉල්ලීමක් කරනවා අනුර කුමාර සහෝදරයාගෙනුත් අනෙකුත් සියලු දෙනාගෙනුත් තමන් මැතිවරණය වෙනුවෙන් යම්කිසි පොරොන්දුවක් වුණා නම් දේශපාලන වේදිකාව තුළ ඒ දේ කිව්වේ නෑ කියන කාරණාව කියන්න සූදානම් වෙන්න එපා. එහෙම වුණොත් ඔබතුමාලා පිළිබඳ, ජනාධිපතිවරයා පිළිබඳව මේ රටේ අතිබහුතරයක් ජනතාව තැබූ විශ්වාසය දිනෙන් දින විනාශ වෙනවා, නැති වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (17) පස්වරුවේ අනුරාධපුරයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
අද රාජ්‍ය සේවයේ සියලු නිලධාරින් ඉතාමත්ම ශෝකජනක තත්ත්වයට, අපේක්ෂා භංගත්වයට පත් වෙලා තියෙනවා. ඔබතුමන්ලාට මතක ඇති පසුගිය අවුරුද්දේ ඒ කියන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ආර්ථිකය වැටිලා නායකයෙක් රටේ බලය ලබාගන්න අකැමැති වෙච්ච වෙලාවක, රටේ ආර්ථිකය ඉතාමත් පහළට වැටිලා තිබුණු වෙලාවක මේ රටේ ආර්ථිකය භාර අරගෙන ජනාධිපතිවරයා විදිහට, අවුරුදු 02ක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථිකය ගොඩනැඟුවා. ඒ අනුව තමයි මේ රටේ පෝලිම් යුගය අවසන් වුණේ. ඒ අනුව තමයි තෙල් ටික ගේන්න සල්ලි නැතිව ඉන්න කොට, බොහෝ දේවල් කර ගන්න මඟක් නැතිව ඉන්න කොට, අපට මඟක් හොයාගන්න පුළුවන්කම ලැබුණේ. මෙවැනි තත්ත්වයක ආර්ථිකය තිබිලා, ආර්ථිකය ශක්තිමත් වෙමින්, ශක්තිමත් කරමින් යන ගමනේදී ඔබතුමන්ලාට මතක ඇති මේ අවුරුද්දේ ජුනි මාසයේ විශාල අරගලයක් ආවා රාජ්‍ය සේවකයන්ගෙන්, දින දෙකක අඛණ්ඩ වැඩවර්ජනයකුත් කළා. සියලු රාජ්‍ය සේවකයෝ එකතු වෙලා, තමන්ට තියෙන ජීවන වියදමත් එක්ක, තමන්ගේ පඩියෙන් ජීවත් වෙන්න බෑ කියන කාරණාවත් එක්ක, රාජ්‍ය සේවකයෝ රුපියල් 20,000ක පඩි වැඩි වීමක් ඉල්ලුවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඉතාමත් පැහැදිලිව කිව්ව දෙයක් තමයි මේ තියෙන ආර්ථික තත්ත්වය යටතේ එතුමලා ඉල්ලන රුපියල් 20,000ම දෙන්න පුළුවන්කමක් නෑ, නමුත් මේ රටේ සියලු රාජ්‍ය සේවය ගත්තොත් එහෙම වැටුප් විෂමතාවයන් විශාල ප්‍රමාණයක් තියෙනවා, මේක අතීතයේ ඉඳන් තියෙන ප්‍රශ්නයක්, ඒ නිසා කමිටුවක් අපි පත් කරලා කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරමු කියලා තීන්දුවක් ගත්තා. හැබැයි අද රාජ්‍ය සේවකයෝ ඉතාමත් අසරණ වෙලා තියෙනවා.