Thursday, May 15, 2025
Home » අද රාජ්‍ය සේව­කයෝ අපේක්ෂා භංග­ත්ව­යට පත් වෙලා

අද රාජ්‍ය සේව­කයෝ අපේක්ෂා භංග­ත්ව­යට පත් වෙලා

මන්ත්‍රී දුමින්ද දිසා­නා­යක

by damith
October 19, 2024 1:03 am 0 comment

අනු­රා­ධ­පුර - තිසර සමල්

අනුර කුමාර දිසා­නා­යක මහ­තාට මම මතක් කරන්න ඕන, එතු­මාත් අනු­රා­ධ­පු­රයේ ඔබ­තු­මත් දිසා­නා­යක, මමත් දිසා­නා­යක. බැරි­කම කියන එක වෙනයි, බොරු කියන එක වෙනයි. අපි ඉල්ලී­මක් කර­නවා අනුර කුමාර සහෝ­ද­ර­යා­ගෙ­නුත් අනෙ­කුත් සියලු දෙනා­ගෙ­නුත් තමන් මැති­ව­ර­ණය වෙනු­වෙන් යම්කිසි පොරො­න්දු­වක් වුණා නම් දේශ­පා­ලන වේදි­කාව තුළ ඒ දේ කිව්වේ නෑ කියන කාර­ණාව කියන්න සූදා­නම් වෙන්න එපා. එහෙම වුණොත් ඔබ­තු­මාලා පිළි­බඳ, ජනා­ධි­ප­ති­ව­රයා පිළි­බ­ඳව මේ රටේ අති­බ­හු­ත­ර­යක් ජන­තාව තැබූ විශ්වා­සය දිනෙන් දින විනාශ වෙනවා, නැති වෙනවා යැයි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ මහ­ලේ­කම්, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දුමින්ද දිසා­නා­යක මහතා පැව­සීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පෙරේදා (17) පස්ව­රුවේ අනු­රා­ධ­පු­ර­යේදී කැඳවා තිබූ මාධ්‍ය හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා,

අද රාජ්‍ය සේවයේ සියලු නිල­ධා­රින් ඉතා­මත්ම ශෝක­ජ­නක තත්ත්ව­යට, අපේක්ෂා භංග­ත්ව­යට පත් වෙලා තියෙ­නවා. ඔබ­තු­ම­න්ලාට මතක ඇති පසු­ගිය අවු­රුද්දේ ඒ කියන්නේ, රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ රටේ ආර්ථි­කය වැටිලා නාය­ක­යෙක් රටේ බලය ලබා­ගන්න අකැ­මැති වෙච්ච වෙලා­වක, රටේ ආර්ථි­කය ඉතා­මත් පහ­ළට වැටිලා තිබුණු වෙලා­වක මේ රටේ ආර්ථි­කය භාර අර­ගෙන ජනා­ධි­ප­ති­ව­රයා විදි­හට, අවු­රුදු 02ක් වැනි කෙටි කාල­යක් තුළ ආර්ථි­කය ගොඩ­නැ­ඟුවා. ඒ අනුව තමයි මේ රටේ පෝලිම් යුගය අව­සන් වුණේ. ඒ අනුව තමයි තෙල් ටික ගේන්න සල්ලි නැතිව ඉන්න කොට, බොහෝ දේවල් කර ගන්න මඟක් නැතිව ඉන්න කොට, අපට මඟක් හොයා­ගන්න පුළු­ව­න්කම ලැබුණේ. මෙවැනි තත්ත්ව­යක ආර්ථි­කය තිබිලා, ආර්ථි­කය ශක්ති­මත් වෙමින්, ශක්ති­මත් කර­මින් යන ගම­නේදී ඔබ­තු­ම­න්ලාට මතක ඇති මේ අවු­රුද්දේ ජුනි මාසයේ විශාල අර­ග­ල­යක් ආවා රාජ්‍ය සේව­ක­ය­න්ගෙන්, දින දෙකක අඛණ්ඩ වැඩ­ව­ර්ජ­න­ය­කුත් කළා. සියලු රාජ්‍ය සේව­කයෝ එකතු වෙලා, තමන්ට තියෙන ජීවන විය­ද­මත් එක්ක, තමන්ගේ පඩි­යෙන් ජීවත් වෙන්න බෑ කියන කාර­ණා­වත් එක්ක, රාජ්‍ය සේව­කයෝ රුපි­යල් 20,000ක පඩි වැඩි වීමක් ඉල්ලුවා. ඒ අනුව රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉතා­මත් පැහැ­දි­ලිව කිව්ව දෙයක් තමයි මේ තියෙන ආර්ථික තත්ත්වය යටතේ එතු­මලා ඉල්ලන රුපි­යල් 20,000ම දෙන්න පුළු­ව­න්ක­මක් නෑ, නමුත් මේ රටේ සියලු රාජ්‍ය සේවය ගත්තොත් එහෙම වැටුප් විෂ­ම­තා­ව­යන් විශාල ප්‍රමා­ණ­යක් තියෙ­නවා, මේක අතී­තයේ ඉඳන් තියෙන ප්‍රශ්න­යක්, ඒ නිසා කමි­ටු­වක් අපි පත් කරලා කමි­ටුවේ නිර්දේශ ක්‍රියා­ත්මක කරමු කියලා තීන්දු­වක් ගත්තා. හැබැයි අද රාජ්‍ය සේව­කයෝ ඉතා­මත් අස­රණ වෙලා තියෙ­නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT