දූෂණයෙන් වංචාවෙන් තොර රටක් බිහිකිරීම අරමුණ බව එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (17) එම පක්ෂයේ පාණදුර ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
දූෂණය වංචාව පමණක් නොවෙයි, ඉදිරියේ රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ විරැකියාවට පිළියම් සෙවීම අප පක්ෂයේ අරමුණයි. මේ රටේ කාන්තාවන් සීයට අසූපහක් විරැකියාවෙන් ඉන්නවා. ගෙවල්වල ඉන්න කාන්තාවන්ට වැඩපිළිවෙළක් සකස් කිරීම අපගේ අරමුණයි.
මේ වන විටත් අප පක්ෂය සමඟ රටේ පවුල් පනස්හත් දහසක් පමණ එක්ව සිටිනවා. අප පක්ෂය එම අරමුණ ඉලක්ක කර ගනිමින් ලොකු ගමනක් යනවා. විශේෂයෙන්ම තරුණයන් එක්ක කටයුතු කිරීම අපගේ අරමුණයි. මයික් එක කියන්නෙ හඬ නඟන සංකේතයක්. ඒ නිසා අපේ අරමුණ රට හදන්න හඬක් නඟන්න. ඒ නිසා ඔබේ හඬත් රටට කියන්න අපත් සමඟ එක්වන්න යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.