Thursday, May 15, 2025
Home » වංචා­වෙන්-දූෂ­ණ­යෙන් තොර රටක් බිහි කිරීම අර­මු­ණයි

වංචා­වෙන්-දූෂ­ණ­යෙන් තොර රටක් බිහි කිරීම අර­මු­ණයි

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ කළු­තර දිස්ත්‍රික් නායක තිල­ක­රත්න දිල්ෂාන්

by damith
October 19, 2024 1:03 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක

දූෂ­ණ­යෙන් වංචා­වෙන් තොර රටක් බිහි­කි­රීම අර­මුණ බව එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ කළු­තර දිස්ත්‍රික් නායක හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිල­ක­රත්න දිල්ෂාන් මහතා පැව­සීය.

ඒ මහතා මේ බව සඳ­හන් කළේ පෙරේදා (17) එම පක්ෂයේ පාණ­දුර ප්‍රධාන මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය විවෘත කිරී­මෙන් පසු මාධ්‍ය­යට අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සීය.

දූෂ­ණය වංචාව පම­ණක් නොවෙයි, ඉදි­රියේ රටේ ආර්ථි­කය, අධ්‍යා­ප­නය, සෞඛ්‍ය සහ විරැ­කි­යා­වට පිළි­යම් සෙවීම අප පක්ෂයේ අර­මු­ණයි. මේ රටේ කාන්තා­වන් සීයට අසූ­ප­හක් විරැ­කි­යා­වෙන් ඉන්නවා. ගෙව­ල්වල ඉන්න කාන්තා­වන්ට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරීම අපගේ අර­මු­ණයි.

මේ වන විටත් අප පක්ෂය සමඟ රටේ පවුල් පන­ස්හත් දහ­සක් පමණ එක්ව සිටි­නවා. අප පක්ෂය එම අර­මුණ ඉලක්ක කර ගනි­මින් ලොකු ගම­නක් යනවා. විශේ­ෂ­යෙන්ම තරු­ණ­යන් එක්ක කට­යුතු කිරීම අපගේ අර­මු­ණයි. මයික් එක කියන්නෙ හඬ නඟන සංකේ­ත­යක්. ඒ නිසා අපේ අර­මුණ රට හදන්න හඬක් නඟන්න. ඒ නිසා ඔබේ හඬත් රටට කියන්න අපත් සමඟ එක්වන්න යැයි ඒ මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT