Home » ගෑස් සිලි­න්ඩර පක්ෂ­යත් අනාථ කඳ­වු­රක් වෙලා

ගෑස් සිලි­න්ඩර පක්ෂ­යත් අනාථ කඳ­වු­රක් වෙලා

සජබ අනු­රා­ධ­පුර අපේ­ක්ෂක රෝහණ බණ්ඩාර

by damith
October 19, 2024 1:00 am 0 comment

අනු­රා­ධ­පුර අති­රේක අමිල ප්‍රභාත් වන­සිංහ

ජනා­ධි­ප­ති­ව­රයා එක කණ්ඩා­ය­ම­කත් ආණ්ඩුව තව කණ්ඩා­ය­ම­කත් බලය ලැබීම තුළ කිසි­ව­කුට හොරා­කෑ­මට නොහැකි රාජ්‍ය පාල­න­යක් පව­ත්වා­ගෙන යෑමට හැකි බැවින් සමගි ජන බල­වේ­ග­යට බලය ලබා දීමට කට­යුතු කරන ලෙස ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බල­වේ­ගයේ අනු­රා­ධ­පු­රය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු අපේ­ක්ෂක රෝහණ බණ්ඩාර මහතා සඳ­හන් කළේය. රෝහණ බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ පෙරේදා (17) අනු­රා­ධ­පු­ර­යේදී පැවති මාධ්‍ය හමු­ව­ක­දීය.

එහිදී තව­දු­ර­ටත් අද­හස් දක්ව­මින් මෙසේ ද පැව­සීය.

වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ පාල­නය යටතේ රටේ ජන­තා­වගේ අපේ­ක්ෂා­වන් භංග­ත්ව­යට පත්ව තිබෙ­නවා. 76 වස­රක සාපය නිමා කර නව වෙන­සක් සමඟ ජන­තාව ණය බරින් මුදා­ගන්නා බවට පෙනී සිටි­මින් බල­යට පැමිණි ජාතික ජන බල­වේ­ගය මඟින් ජන­තා­වගේ බලා­පො­රොත්තු ඉටු­ක­රනු ඇති බවට කිසිදු විශ්වා­ස­යක් නැහැ. වෙන­සක් වෙනු­වෙන් රටේ ජන­තාව විසින් නව ජනා­ධි­ප­ති­ව­ර­යකු පත් කර ගත්ත ද අනුර කුමාර දිසා­නා­යක මහතා ද ගමන් කර­නුයේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගම­න්ගත් මාර්ගය ද රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ගමන් මාර්ගය ද යන්න සැක­යක් පව­ති­නවා.

විප­ක්ෂය දුර්වල කිරීම සඳහා සමගි ජන බල­වේ­ගය සම්බ­න්ධ­යෙන් විවිධ අසත්‍ය ප්‍රචා­ර­යන් ගෙන­ය­මින් සිටිය ද දැවැන්ත පක්ෂ­යක් වන සමගි ජන බල­වේ­ගය තුළ කිසිදු බෙදී­මක් නැති බවත් රනිල් වික්‍ර­ම­සිංහ මහතා සමඟ ඩීල් දැමූ ඇතැම් පුද්ග­ල­යන් ඉවත් වෙමින් මේ වන විට තරු­ණ­යන්ට නාය­ක­ත්වය ලබා දෙමින් සමගි ජන බල­වේ­ගය නවී­ක­ර­ණය හා නිවැ­රදි වෙමින් පව­තින බව ද රෝහණ බණ්ඩාර මහතා පැව­සීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ කඩා වැටීම තුළ කිසිදු රාජ­ප­ක්ෂ­ව­ර­යකු පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට තරග කරන බවට දකි­න්නට නැති බවත් ගෑස් සිලි­න්ඩර පක්ෂය ද මේ වන විට අනාථ කඳ­වු­රක් බවට පත්ව ඇති බවත් රෝහණ බණ්ඩාර මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT