Home » හොරුන් බවට ලේබල් ගසා­ගත් පිරිස මෙවර පාර්ලි­මේ­න්තු­වට යවන්න එපා

හොරුන් බවට ලේබල් ගසා­ගත් පිරිස මෙවර පාර්ලි­මේ­න්තු­වට යවන්න එපා

මව්බිම ජනතා පක්ෂයේ සභා­පති, හිටපු ඇමැති රොෂාන් රණ­සිංහ

by damith
October 19, 2024 1:03 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

හොරුන් බවට ලේබල් ගසා­ගත් පිරිස මෙවර පාර්ලි­මේ­න්තු­වට පත් නොක­රන ලෙස මව්බිම ජනතා පක්ෂයේ සභා­පති, හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණ­සිංහ මහතා මෙරට ඡන්ද දාය­ක­ය­න්ගෙන් ඉල්ලා සිටියි. හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නියො­ජ­නය කර­මින් ගෑස් සිලි­න්ඩ­ර­යෙන් මෙවර මහ මැති­ව­ර­න­යට ඉදි­රි­පත් වන එම කණ්ඩා­යමේ සිටින පිරි­සෙන් හොඳ අය සිටින බව කියා සිටි ඒ මහතා ඔවුන් පාර්ලි­මේ­න්තු­වට එවීමේ වර­දක් නැතැ­යිද කියා සිටි­යේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) කොළඹ ගංගා­රාම විහා­ර­ස්ථා­නය වැඳ පුදා ගැනී­මට පැමිණි අව­ස්ථා­වේදී තමන් නියෝ­ජ­නය කරන කඳ­වුරේ පළ­පු­රුදු අය සිටින බැවින් ඔවුන් පාර්ලි­මේ­න්තු­වට තොරා පත් කර­ගන්නා ලෙස හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් කළ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­වේ­දි­යකු නැඟූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ආණ්ඩුව අරන් ඇතැයි කී ඒ මහතා විප­ක්ෂයේ සිට හඩක් නැඟීම තම අර­මුණ බවද ඔහු කීවේය. ආණ්ඩුව පොරොන්දු ගොන්නක් දී තිබෙන බවත්, ඒවා ඉෂ්ට කිරී­මට නොහැකි වුව හොත් ආණ්ඩුවේ බලය ගැනී­මට ගැනී­මට සූදා­නම් බවත් හෙතෙම කියා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT