82
පවතින මහවැසි සමඟ රුහුණේ සහ ඌව පළාතේ වන උද්‍යාන තුළ සිටින වන සතුන්ට වසන්ත කාලය උදා වූ පරිදි පරිසරය සකස් වී පවතී.
වියළී ගිය මහවනය හරිත වර්ණයෙන් විකසිතවීමත්, සිඳීගිය වැව් පොකුණු ජලයෙන් පිරී පැවතීමත් මුල්කොටගෙන සතුන්ට අවශ්‍ය පරිසරය සකස් වී පවතී.
වන අලින්, මුවන්, ගෝනුන්, මොනරුන් හා වලසුන් මේ දිනවල ලඳු කැලෑ තුළ දැකිය හැකිය.