82
මොනරාගල ප්රාදේශීය සභාවට අයත් මොනරාගල පරණ සතිපොළ භූමියේ පිහිටි ගවමස් කඩය රුපියල් එක්කෝටි විසිහතර ලක්ෂ හැත්තෑපන්දහසකට ටෙන්ඩර් මඟින් නියම කෙරිණි. මෙම ගව මස්කඩය 2025 වසරට බදුගැනීම සඳහා ගැනුම්කරුවන් එකොළොස් දෙනකු ටෙන්ඩර්පත් ඉදිරිපත්කර තිබූ අතර වැඩිම මිලගණන් ඉදිරිපත් කර තිබූ බකිනිගහවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකුට ඉහත සඳහන් මුදලට එය නියම කෙරිණි.