Thursday, May 15, 2025
Home » මුහුදේ විනෝ­ද­යට දිය ­නෑ­මට ගිය කොත්තු බාස් අතු­රු­දන්

මුහුදේ විනෝ­ද­යට දිය ­නෑ­මට ගිය කොත්තු බාස් අතු­රු­දන්

by damith
October 19, 2024 1:16 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්‍රේම­ති­ලක, අලු­ත්ගම - තුසිත කුමාර ද සිල්වා

කළු­තර උතුර, වස්ක­ඩුව ප්‍රදේ­ශයේ මුහුදේ විනෝ­ද­යට දිය­නෑ­මට ගිය තරු­ණ­යෙකු පෙරේදා (17) පස්ව­රුවේ මුහුදේ ගිලී අතු­රු­දන්ව ඇති බව කළු­තර උතුර පොලි­සිය පව­සයි.

මෙසේ අතු­රු­දන්ව ඇත්තේ මොරො­න්තු­ඩුව ප්‍රදේ­ශයේ හෝට­ල­යක කොත්තු බාස්ව­ර­යකු ලෙස සේවය කරන බාග්‍ය­වන් සෙල්ව­නා­ය­ගම් නමැති 26 හැවි­රිදි විවා­හ­ක­යෙකු බවත්, ඔහු නුව­ර­එ­ළිය හාවා­එ­ළිය ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බවත් පොලි­සිය පව­සයි.

අතු­රු­දන් තරු­ණයා පොහොය දින නිවාඩු දින­යක් බැවින් මිතු­රන් සමඟ කුඩා වස්ක­ඩුව මුහුදු වෙර­ළට පැමිණ දිය­නෑ­මට ගොස් ඇති අතර, එක්ව­රම රළ පහ­රට හසුව නොපෙනී ගොස් ඇති බවට තොර­තුරු ලැබී ඇතැ­යිද පොලි­සිය පව­සයි.

කළු­තර උතුර පොලිස් නිල­ධා­රීන් ප්‍රදේ­ශයේ තරු­ණ­යින් සමඟ එක්ව අතු­රු­දන් තරු­ණයා සොයා පරීක්ෂා කර ඇතත් සොයා­ගැ­නී­මට නොහැ­කිව ඇති බව පොලි­සිය පව­සයි.

කළු­තර උතුර ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දමිත් ජය­ති­ලක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් විම­ර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT