බෝට්ටුවකින් ගොස් ඔස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස ඇතුළු වී එරට සරණාගතභාවය ඉල්ලා සිටි වවුනියාවේ තරුණයෙකුව ආපසු එරටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරින් පෙරේදා (17) තීරණය කොට තිබේ.
වවුනියාවේ ජීවත් වීම ඔහුගේ ජීවිතයට විශාල තර්ජනයක් බව වවුනියාවේ සිට පලා ගිය 26 හැවිරිදි ඇන්ටන් රාජා නමැති මෙම තරුණයා ඔස්ට්‍රේලියානු බලධාරින්ට ප්‍රකාශකොට තිබේ.
නමුත් ඔහු ගැන එරට බලධාරින් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු වවුනියාවේ සිට රජයට එරෙහිව විරෝධතා රැසක් දියත් කළ එක් දෙමළ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයකු බවයි. ඒ අනුව ඔහුව මේ මස 23 වැනිදා ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඕස්ට්‍රෙලියානු රජය තීරණය කොට ඒ බව ශ්‍රී ලංකා රජයට හා තරුණයාගේ ඥාතීන්ට දැනුම් දී තිබේ.
එතෙක් ඔහුව ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරක දැඩි රැකවල් මත රඳවා තැබීමටද පියවර ගෙන තිබේ.
මේ පුද්ගලයා මීගමුවේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 25ක මුදලක් ගෙවා බෝට්ටුවක ආධාරයෙන් ඔස්ට්‍රේලියාවට පලා ගිය බවට ඔහු එහි සිට පවුලේ ඥාතීන්ට දැනුම් දුන් බව වවුනියාවේ සිටින ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කොට තිබේ.
පොලිසිය එම පවුලේ සාමාජිකයින්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.